කායවර්ධන ශූරතා තරගයේ ජය රාජපක්ෂට

239

ශ්‍රී ලංකා ප්‍රවීණ කායවර්ධන ශාරීරික යෝග්‍යතා සංගමය මගින් වාර්ෂිකව පවත්වන වසරේ කායවර්ධන යෝග්‍යතා අයෝමය පුරුෂයා තේරීමේ තරඟය කොළඹ නාඩා ආයතනයේදී සිදු කෙරිණි.

එදින හොඳම අයෝමය පුරුෂයාට හිමි සම්මානය බී. ඩබ්. ආර්. රාජපක්ෂ මහතා හිටපු සිංහාධිපති ආචාර්ය නිමල් බුලත්සිංහල මහතා අතින් ලබා ගන්නා අයුරුත් සෙසු සම්මාන දිස්ත්‍රික් 306 (සී 2) ජාත්‍යන්තර සිංහ සමාජයේ සිංහාධිපති බෙනට් ගම්ලත් මහතා අතින් ලබා ගන්නා අයුරුත්, තරගයේ ජයගත් පිරිසද ඡායාරූපයේ දැක්වේ. සංගමයේ සභාපති තිලක් ජයවීර මහතාද ලේකම් ගාමිණී ද සිල්වා මහතාද මෙහි වෙති. ආනන්ද අමරසේකර (ෆියුස් ෆිට්නස්) දමිත් විජේතුංග (අයි ටේ්‍රජිම්) ඉසුරංග ෆොන්සේකා (ෆවර් හවුස් ජිම්) මෙහිදී සෙසු සම්මාන හිමිකර ගත්හ.

කායවර්ධන ශූරතා තරගයේ ජය රාජපක්ෂට

පිංතූර – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment