කායවර්ධන ශූරයා දිවයිනට පැමිණෙයි

236

ඉතාලියේ පැවති ආධුනික ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ දී කායවර්ධන ශූරතාවය සඳහා පළමු පංතියෙන් තරග කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක උදය රත්නායක එම තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමෙන් පසුව සමස්ත තරගාවලි ජයග්‍රාහකයින් අතර පැවති තරගයෙන් ද පළමු ස්ථානය දිනා ගනිමින් සමස්ත තරගාවලියේ ද ජයග්‍රාහකයා බවට පත් වූයේය. උදය රත්නායක අනතුරුව ඊයේ (25 වැනිදා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

කායවර්ධන ශූරයා දිවයිනට පැමිණෙයි

මෙවැනි ජයග්‍රහණයක් ලද පළමු ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩකයා වන්නේ ද උදය රත්නායක ක්‍රීඩකයා ය.

මෙම තරගාවලිය ලෝකයේ සියලුම රටවල ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් දා ඉතාලියේ දී පවත්වා තිබුණි.

උදය රත්නායක කුරුණෑගල, වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු පිළිගැනීම සඳහා ඔහුගේ නෑදෑ හිතවතුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment