කාර්මික දෝෂයකින් නොරොච්චෝලේ 3 වැනි යන්ත්‍රය නවතී

70

නොරොච්චෝල බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය කාර්මික දෝෂයකට ලක්වීම නිසා ජනන කටයුතු නැවතී ඇත. එම යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුවුවත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ටිව්ටර් සටහනක් නිකුත්කරමින් කියා සිටී.

ඒ අනුව අඛණ්ඩව විදුලිය ලබාදීමට විදුලිබල මණ්ඩලය සතු ඩීසල් හා ඉන්ධන භාවිත කරන බවද ඒ මහතා කියා සිටී. ජනන යන්ත්‍රය අක්‍රියවීම නිසා ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක් අහිමිවන අතර මෙසේ අක්‍රිය වී ඇත්තේ ලබන අප්‍රේල් මාසයේ අලුත්වැඩියා කිරීමට නියමිත යන්ත්‍රයයි.

මේ අතර බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු නැව් 30 න් 19 ක් මේ වනවිට පැමිණ ඇතැයි ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය. එම නැව් තුනේ ගල්අඟුරු මෙටි්‍රක් ටොන් 180,000 ක් තිබෙන බව ද මේ අනුව බලාගාරය සතුව මෙටි්‍රක් ටොන් ලක්ෂ 05 කට ආසන්න සංචිතයක් පවතින අතර ඉදිරි දිනවල ඉතිරි නෞකා ටිකද ගෙන්වීමට කටයුතු කරන බව ද ඒ මහතා කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment