කාර්මික දෝෂයට පත් ශ්‍රී ලංකන් ගුවන් යානය අද එයි

394

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී කාර්මික දෝෂයකට ලක්වී තිබූ ශ්‍රීලන්කන් ගුවන්යානය පැය 30ක ප්‍රමාදයකින් පසු අද උදෑසන 9.30ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟාවීමට නියමිත බව ශ්‍රීලන්කන් ගුවන්සේවය පවසයි.ඉකුත් 15 වැනිදා රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන්තොටුපොළ වෙත ගිය ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවන් 06දෙනා මේ වනවිට එම ගුවන්යානය අලුත්වැඩියා කර යථා තත්ත්වයට පත්කර ඇති බව ශ්‍රීලන්කන් ගුවන්සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ. එල්.- 605 දරණ එම ගුවන්යානය අද අලුයම 12.30ට ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතව තිබුණි.එහි මෙල්බර්නන් සිට, ශ්‍රී ලාංකික ගුවන් මගීන් 300ක පමණ පිරිසක් පැමිණිමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment