කාලගුණ අනාවැකිය දුරකථනයට නවීන කාලගුණික තාක්ෂණය නැංවීමට ජයිකා සහාය

171

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ධාරිතා සංවර්ධනය කරමින් කාලගුණික විද්‍යා නිරීක්ෂණ කටයුතු සහ කාලගුණික අනාවැකි මෙන්ම ජනතාවට කාලගුණික අවවාද නිකුත්කිරීමේ ලා නවීන තාක්ෂණය ලබාදීම සඳහා ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ  සහාය පළවී තිබේ.

 ජයිකා ආයතනයත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ව සිදුකරන මෙම ව්‍යාපෘතිය මගින් ඉදිරියේදී සැබෑ කාලගුණික තොරතුරු, කාලගුණික අනාවැකි සහ අවවාද (Warning) භූගෝලීය සිතියම් ද සහිතව ජනතාවගේ ජංගම (ස්මාර්ට්) දුරකථනයටම ලබාදීමට හැකියාව ලැබෙන බව ජයිකා ආයතනය පවසයි. මේ සඳහා තොරතුරු සම්පේ‍්‍රෂණය කරනු ලබන සරල කාලගුණික යෙදවුමක් (ඇප්) භාවිත කිරීමට නියමිතය.

 මෙහිදී ජපානය භාවිතයට ගන්නා අති නවීන කාලගුණික විද්‍යා තාක්ෂණය සහ තාක්ෂණික උපකරණ ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කෙරෙන අතර ඒ මගින් ශ‍්‍රී ලංකාවේ කාලගුණික තාක්ෂණය කලාපීය වශයෙන් ඉතා ඉහළ තත්ත්වයකට පත්වනු ඇති බවද එම ආයතනය පවසයි.

 කාලගුණික දත්ත ලබාගැනීමට ඇති අති නවීනතම ක‍්‍රියාමාර්ගය ලෙස සැලකෙන්නේ කාලගුණික රේඩාර් පද්ධතීන්ය. එබැවින් මේ සඳහා ආපසු නොගෙවන ජයිකා ආධාර ලෙස ශ‍්‍රී ලංකා රුපියල් මිලියන 4,412 ක වියදමෙන් පොතුවිල් හා පුත්තලමේ අති නවීන රේඩාර් පද්ධති දෙකක් 2022 – 2025 වසර 4 ක් තුළ ඉදිකිරීමට නියමිතව ඇත.

 මීට අදාළ ගිවිසුම් ගතවීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සහ ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ දේශීය ප‍්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා මහත්වරුන් අතර පසුගියදා කොළඹදී අත්සන් කෙරිණි.

 එම අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment