‘කාලය’ ටේ‍්‍රන්ඩින් වෙන්න මෙච්චර කාලයක් ගියේ ඇයි… මම මාකට් එකට සිංදු කරන්නේ නැහැ – දුමාල් වර්ණකුලසූරිය

1026


සිරස සුපිරි තරු මාවතේ ආ දුමාල් වර්ණකුලසූරිය තෝරාගෙන තියෙන්නේ වෙනස් මාවතක්. සාමාන්‍යයෙන් තරුණ ගායකයෙක් තෝරගන්නේ නැති මාවතක්. හරියට කියනවා නම් එ්ක උඩුගම් බලා පිහිනනවා වගේ වැඩක්. ‘කාලය.ත් එහෙම වැඩක්. ටිකක් වෙනස්. කියවලා බලන්න. දුමාල්ගේ කතාවත් ටිකක් වෙනස්.


 * දුමාල් මේ දිනවල මොනවද කරන්නේ?

 මේ දවස්වල ටෙලිනාට්‍යයක සංගීත අධ්‍යක්ෂණ වැඩ කටයුතු කිහිපයක් කරනවා. තව මගේ අලූත් නිර්මාණ කිහිපයක වැඩ කටයුතු කරනවා. එ් වගේම මියුසික් ඇකඩමි එකේ ඔන්ලයින් ක්ලාස් කරගෙන ඉන්නවා

 * ඔබේ අලූත්ම ගීතය ‘කාලය. ට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?

 ඔව් අලූත්ම ගීතය කාලය. ටෙ‍්‍රන්ඩින් වන් වෙලා තිබුණා පසුගිය සති කිහිපයේ. විව්ස් ටිකත් හෙමින් හෙමින් වැඩි වෙනවා. එ් වගේම ලැබෙන ප‍්‍රතිචාර නම් ගොඩක් ඉහළයි.

 * මේක ටිකක් වෙනස් නිර්මාණයක්.

 මේ ගීතයේ තියෙන්නේ අපි හැමෝටම පොදු කාරණාවක්. තම තමන්ට ආවේනික විදිහට තමයි අපි එ්ක අරගන්නේ. මේ ගීතයේ තියෙනවා කොටසක් ‘මල සෙනෙහසට හුස්ම පිඹිමින් සිටිමී…නොමල ගෙයකින් අබ මිටක් පතමී… මේ කොටසේ තියෙනවා අපිට කියන්න ඕන හැමදේම. මේ ගීතයේ සංගීතය අධ්‍යක්ෂණය කළේ පසන් තිලකවර්ධන. සිංදුව ලිව්වේ පුන්‍යා සමරකෝන්. බුද්ධික පෙරේරා, රුක්ෂාන් ගුණවර්ධන සහ කේතකී සුරවීර වාදනයෙන් සහය වුණා. රොකෝඩින් කළේ ළහිරු කොස්තා සහය ගායනය නවෝද් ජයරත්නගෙන්.

‘කාලය' ටේ‍්‍රන්ඩින් වෙන්න මෙච්චර කාලයක් ගියේ ඇයි... මම මාකට් එකට සිංදු කරන්නේ නැහැ - දුමාල් වර්ණකුලසූරිය

* ඇයි නාද සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණේ?

 ඉවත් වුණේ මොකුත් ප‍්‍රශ්නයක් හේතුවෙන් නෙමෙයි. මම ෆුල් ටයිම් සංගීත කණ්ඩායම සමග වැඩ කරන එකෙන් ඉවත් වුණා පමණයි. මගේ වෙනත් සංගීත වැඩ කටයුතු සහ සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු එකට කලමනාකරණය කරගන්න අපහසු නිසා තමයි මම ඉන් ඉවත් වුණේ. එ් හැර වෙනත් කිසිම හේතුවක් නැහැ.

 * දුමාල් කියන්නේ වැඩියෙන් වැඩ කරලා අඩුවෙන් ජනපි‍්‍රය වුණ චරිතයක් නේද?

 මට ඕනේ කරන වැඬේ හරියට කරන්න. මම ඉන්නේ එ්කේ. හිට් වෙන්න වැඩ කරන්න ඕනෙ නැහැ. හැබැයි මම ජනපි‍්‍රය නැත්තෙත් නැහැ. රටේ සේරම දෙනා නැති වුණාට බහුතරයක් මාව දන්නවා

 * එ් කියන්නේ දුමාල් වැඩ කරන්නේ මාකට් එකකට අනෙමෙයි කියලද?

 ඇත්තටම මාකට් එකට වැඩකරනවා කියන එකේ මම නැහැ. එ් කියන්නේ මාකට් එකට දාන ජාතියේ සිංදු මම හදන්නේ නැහැ. මම බලන්නේ සිංදුව ඇතුළේ තියෙන ගුණාත්මක භාවය. මට ඕනේ හොඳ නිර්මාණයක් එළියට දාන්න මිසක් මාකට් වෙන්න සිංදු දාන්න නෙමෙයි.

‘කාලය' ටේ‍්‍රන්ඩින් වෙන්න මෙච්චර කාලයක් ගියේ ඇයි... මම මාකට් එකට සිංදු කරන්නේ නැහැ - දුමාල් වර්ණකුලසූරිය

* ‘පේ‍්‍රමය නම්. චිත‍්‍රපටයේ පසුබිම් ගායනයට ලැබුණු සරසවි සම්මානය ගැනත් කතා කරමු

 එ්ක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්. මොකද චිත‍්‍රපටයක් සඳහා මට ලැබුණු පළමුවැනි සම්මානය තමයි සරසවි සම්මානය. මහචාර්ය සුනිල් ආරියරත්න සර් සහ අචාර්යය රෝහණ වීරසිංහ සර් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එ්තුමන්ලා දෙදෙනාම එකතුවෙලා කරපු නිර්මාණයක් මම ගායනා කරපු පළමු අවස්ථාව. එ්කටම සම්මානය ලැබීම ගැන ලොකු අඩම්බරයක් තියෙනවා.

 නමුත් සම්මානය දෝතට ගන්න ඔබ එ් අවස්ථාවේ ලංකාවේ හිටියේ නැහැ.

 එ්කනම් අත්තට ලොකු අවාසනවාක්. එ් අවස්ථාවේ ප‍්‍රසංග කිහිපයකට මම ඔස්ටේ‍්‍රලියාවට ගිහින් හිටියේ.

 * වර්තමානයේ බිහිවෙලා තියෙන කවර් සෝන්ග් රුල්ල ගැන මොකද කියන්නේ?

 කවර් සෝන්ග් එකක පැති දෙකක් තියෙනවා. අපිට වැඩිය අහන්න නොලැබුණු නිර්මාණ කවර් එකක් හරහා එළියට ඇවිත් ඉතාම ජනපි‍්‍රය වුණු අවස්ථා තියෙනවා. එ් කියන්නේ යට ගිහින් තිබුණු අපිට නෑසුණ ගීත යළිත් අසෙන්න පටන් ගත්තා. එ්ක සතුටට කාරණයක්. හැබැයි කවර් සෝන්ග් කරලම ගොඩ යනවා කියලා හිතන් ඉන්නවා නම් එ්ක හොඳ දෙයක් නෙමෙයි. තමන් ගේ හැකියාව පේන්න කවර් සෝන්ග් එක්ක කරලා පස්සේ තමන්ගේ ගීතයක් නිර්මාණය කරගන්න එක තමයි හොඳ.

 * දුමාල් බීට් බෑන්ඞ් එක්ක සිංදු කියන්නේ නැත්තේ ඇයි?

 මම සුපර් සටාර් ගිය මුල්ම කාලයේ එළිමහන් ප‍්‍රසංගවල බීට් බෑන්ඞ් එක්ක සිංදු කියලා තියෙනවා. ඊට පස්සේ මට හිතුනා මම ගායනා කරන ගීත එළිමහන් ප‍්‍රසංගවලට ගැලපෙන්නේ නෑ වගේ කියලා. එ් නිසා එ් ප‍්‍රසංග කලාවෙන් මම ඉවත් වුණා.

 * ‘දියවන්නා කමාරියේ. ගීතයට වැඩිපුරම ලැබුණේ මොනවගේ ප‍්‍රතිචාරද?

 දියවන්නා කුමාරියේ ගීතය මගේ ගීතයක් නෙමෙයි. එ්ක නාද සංගීත කණ්ඩායමේ ගීතයක්. මම සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට ඉන්න කාලේ එ් ගීතය ගායනා කළාට දැන් තනියම ගිහින් ප‍්‍රසංගවල මට එ් ගීතය ගායනා කරන්න බැහැ. එ් ගීතයට අද වෙනකන් නරක ප‍්‍රතිචාරයක් ඇවිත් නැහැ. එ් මේ ගීතයේ අන්තර්ගතය රටේ යතාර්ථය නිසා වෙන්න ඇති.


– කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment