කාලය තුළ තැන්පත්වීමෙන් අපට ලබත හැකි ආස්වාදය

222

එමිල් ෂර්තියේ නොහොත් අලන් යනු මහා ප‍්‍රංශ දාර්ශනිකයෙකි. මහත් ඇගැයුමට ලක්වූ, පසුකලක දර්ශන විද්‍යාව පිළිබඳ පෙළපොත්වලට පවා ඇතුළු වූ ඔහුගේ ලිපියක් පහත පළවේ.

 මම වරක් බටහිර පෙදෙසේ දිවෙන දුම්රියක් දුටිමි. එය අනෙකකට වඩා දිගු ය. උසිනුත් වැඩි සෙයක් පෙනේ. සරල පෙනුමකින් ද හෙබියේ වෙයි. එහි කැරකැවෙන රෝද ඔරලෝසුවක් තුළ කැරකෙන රෝද රැුස මෙන් සියුම් නිමාවකින් යුක්ත ය. ඉන් හඬක් නොනැගෙන තරම් ය. සියල්ල කිසියම් ඒකීය අරමුණකින් යුතුව නිපදවා ඇතැයි කියා සිතේ. ගින්නෙන් උකහාගත් ශක්තිය නිසා නික්මෙන වාෂ්ප කදම්බයෙන් බිංදුවක්වත් අපතේ පිටතට යා නොදී එය වහාම ආපසු හරවා ෆිස්ටන් යන්ත‍්‍රවල සේවය පිණිස යොමුකර තිබේ. යන්ත‍්‍රය පහසුවෙන් පණගැන්වෙයි. එහි වේගය පාලනය කර ඇත. පීඩනය නිසා හටගන්නා ක්ෂණික ගැස්සීමෙන් සපුරා තොර ය. එහි බර මැදිරි පෙළ මිනිත්තුවක් තුළ කිලෝමීටර දෙකක් ලිස්සා යයි.

කාලය තුළ තැන්පත්වීමෙන් අපට ලබත හැකි ආස්වාදය


ගමන පුරා දැවෙතැයි සිතෙන ගල් අඟුරක තරම ඇන්ජිම පිටුපසට අමුණා ඇති දැවැන්ත දර පෙට්ටියෙන් පෙනේ.

 විද්‍යාව, පිඹුරුපත්, අත්හදාබැලීම්, මිටිය හා පීර මෙහි මැනවින් මෙහෙයා ඇති සැටි බලන්න. ඒ කුමක් පිණිස ද ? පැරිස් හා හාව්ර යන නගර දෙක අතර ගමන් කාලය පැය කාලකින් අඩුකර ගැනීම සඳහායි. දුකසේ උපයාගත් මේ අගනා පැය කාලෙන් තුටුපහටුවුණු මඟීහු කුමක් නම් කරත්හු ද? කෙනෙක් එය වෙනත් දුම්රියක් එනතෙක් මඟ බලමින් දුම්රිය අංගණය තුළ ම කා දමත්. තවෙකෙක් එය කෝපි හලකට වැදී පත්තර වෙළඳ දැන්වීම් තුළ දියකර හරිත්. ඉන් නිපන් අමුතු ලාභය කුමක් ද? ඉන් සෙතක් වුණේ කාට ද ?

 පුදුමෙකට මෙන් දුම්රියක් පිටව යෑමට පෙරාතුව හෝ ළඟාවිය යුතු වෙලාවට පසුව විනාඩි පහළොවක් වැඩියෙන් ගත්තා ය කියා මුසුප්පු වෙන මඟීහු සිටිත් ලූ. වෙනත් දුම්රියකට සාපේක්ෂව මේ කියන දුම්රිය පැය කාලක් පමා වී තිබේ ලූ. මෙවැනි දේ බලකර කීමට කාලය මිඩංගු කරන ඕනෑම මිනිහෙකුට සිය දවසින් පැය කාලක් නැති කර ගත හැක. අනිත් අයට ඒ කාලය කාඞ්ගසා හෝ දවල්හීන දකිමින් හෝ නාස්ති කරගත හැක. ඉතින් මේ කාලය දුම්රිය මැඳිරියක් තුළ කාදැමීමෙන් අපට සිදුවන අමුතු හානිය කුමක් ද?

 ශීඝ‍්‍රගාමී දුම්රිය මැදිරියක් තුළ තරම් වෙන අන් කිසි තැනක අපි සතුටින් නොසිටිමු. වෙන කිසිදු සුවපහසු පුටුවක් මත හිඳිනවාට වඩා හොඳින් අපි එතුළ මනාව හරිබරි ගැසී අසුන්ගෙන සිටිමු. එහි දැවැන්ත වීදුරු කවුළු තුළින් කඳු මිටියාවත් හා බැස යන ගඟ දියත්

 ගම්බද මංසන්ධි හා නගරත් අපට පෙනේ. කඳුබෑවුම් මත දිවෙන රිය පෙළත් නදිය දිගේ දිවෙන ඔරු රැුසත් අපි ඇහෙන් හඹා යමු. තිරිඟු සහ රයී කුඹුරු, රතු අල වගාබිම් හා පිරිපහදු කම්හල්, සොඳුරු මහා වනාන්තර හා තණබිම්, ගවයන් සහ අශ්වයන් ඇතුළු රටක මහා ධන සම්භාරය අපේ ඇස් ඉදිරියේ දිගහැරී යයි. කාලය සහ සෘතු විෂමතා නිසා දිනපතා නවමුවෙන භූවිද්‍යාව පිළිබඳ අගනා ඡුායාරූප පොතක් ඔබ කිසි වෙහෙසක් නැතුව පිටු පෙරළන්නෙහි ය. කඳුමුදුන් පිටුපස කැටිගැහෙන කුණාටුවත් පිදුරු කරත්ත මඟ දිගේ කඩිනම් වෙන අන්දමත් අපි එක් දිනෙක දකිමු. සුළඟ ඉරමඬල යට ගැහෙන අන් දිනෙක රන් දූවිල්ලේ වැකී වෙහෙසෙන ගොවියෝ අපේ ඇස පිනවත්. මේ හා සරි වෙනත් අපූරු දර්ශන තව තිබේ ද ?

 නමුත් මඟියා ඔහුගෙ වාරිකය කියවමින් එහි තිබෙන අමන රූ සටහන් ගැන උනන්දු වෙන්නට තනයි. ඔහු ඔහුගෙ ඔරලෝසුව ඇද බලයි. කට බලියයි. ගමන්මල්ල විවර කර යළි වසයි. ගොඩබැසගත් සැණින් ඔහු කුලී අස්රියක් අමතා කෑගසයි. අනතුරුව සිය ගේ ගිනිගත්තෙකු මෙන් දුවයයි. සැන්ඳෑවේ දී ඔබට ඔහුව

 නාටකාගාරයකදී මුණගැසීමට ඉඩ තිබේ. ඔහු එහි දකින පාට කළ කාඞ්බෝඞ් මත ඇඳි ගස්, මවා පෙන්වන බොරු අස්වනු හා හොර සීනු කණුව අගයන්නට ගනියි. බොරු ගොවියෝ ඔහුගෙ සවන් තලාපෙලා ගයත්. පටු ලැගුම් කූඩුවේ පුටු අතර සිරවී සිටීම නිසා රිදුම්දෙන දණහිස් දැතින් පිරිමදිමින් ඔහු මෙසේ කියාවි : ‘‘ගොයියන් ටික ගී කියාපු විදිය නම් අන්තිමයි. ඒ වුණාට පසුබිම් දර්ශන ටික නම් නරක නැහැ.’’

* අනුවාදය :  උදයංග අමරසේකර
 
[email protected]

කාලය තුළ තැන්පත්වීමෙන් අපට ලබත හැකි ආස්වාදය

advertistmentadvertistment
advertistmentadvertistment