කාලෙට ගැලපෙන ආතරයිටීස් කසායක්

900

කුරුණෑගල ඓතිහාසික ගැට්ටුවාන වෙද පරම්පරාවට අයත් වෛද්‍ය වසන්ත උදයජීව ගම්පහ වික‍්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරියෙකි. ඒ අනුව දේශීය සහ පාරම්පරික වෙදකම පිළිබඳ පාරම්පරික ඥානයේ උරුමය මෙන්ම විද්‍යාත්මක දැනුමේ අයිතිය ද ඔහු සතුය. වසර විසි පහක පමණ කාලයක් තුළ සාර්ථක ලෙස ශාක සාර (ආයුර්වේද සහ දේශීය* සහ රස බෙහෙත් ආශ‍්‍රයෙන් දහස් ගණන් ජනයාගේ සන්ධි රෝග සුවපත් කළ වෛද්‍ය උදයජීව තම ක්‍ෂේත‍්‍රය තුළ මහත් ලෙස ගෞරවයට පාත‍්‍රව සිටී. ඔහුගේ බිරිය වන වෛද්‍ය රේණුකා ද අල්විස් ගම්පහ වික‍්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර කාන්තා රෝග පිළිබඳ ප‍්‍රවීණත්වයක් දරයි. චර්ම රෝග සහ ඔටිසම් රෝගය සඳහා ඇය කරන පර්යේෂණාත්මක ප‍්‍රතිකාර මගින් දහස් රෝගීන්ට සහනය ලැබී තිබේ.

 ප‍්‍රශ්නය – පසුගිය සතියේ ඔබ අපට ඉතා ප‍්‍රයෝජනවත් කසායක් දුන්නා. එම වට්ටෝරුව මේ වන විට දහස් සංඛ්‍යාත ආතරයිටීස් රෝගීන් අතර ජනපි‍්‍රයව පවතින බව අපට ලැබෙන දුරකථන ඇමතුම්වලින් පෙනී යනවා. අද ඔබ අපට ලබාදෙන කසාය කුමක්ද?

 වෛද්‍ය වසන්ත උදයජීව – මා මෙවර දෙන්නෙත් පවතින වියළි සීතල කාලගුණයට ගැළපෙන කසායක්. මේ කාලයේදී සමහර රෝගීන්ගේ ආතරයිටීස් රෝගය ඉතාම තදින් ඉස්මතු වෙනවා. එවිට සන්ධි නමන්න දිගහරින්න බැරි වෙනවා. සන්ධි ඉදිමෙනවා. මේ කසායෙන් ඒ සියලූ ප‍්‍රශ්න නැති කරගන්නට පුළුවන්.

 කසාය – නික මුල්, නික පොතු, ආපසුමදු මුල්, අමු ඉඟුරු, සුදු ලූනු, බෙලි මුල්, කලං 2 බැගින් ගෙන වතුර පත හතකට දමා පත අට එක පතකට සිදුවා සහිඳ ලූනු සමඟ පානය කළ යුතුයි. සහිඳ ලූනු දැමිය යුත්තේ අතේ අඟිලි දෙකට හසුවන ප‍්‍රමාණය පමණයි. මේ ආකාරයෙන් දින 12 ක් උදේ කෝප්ප භාගයක් සහ සවස කෝප්ප භාගයක් බැගින් පානය කළ යුතුයි.

 ප‍්‍රශ්නය – මේ කසාය රෝගියාගේ ශරීරය කෙරෙහි බලපාන්නේ කොහොමද?

 වෛද්‍ය වසන්ත උදයජීව – ආයුර්වේදයේ තිබෙනවා ඕනෑම රෝගයකට ප‍්‍රවේශ වන විදියක්. එය ඉතාම සංකීර්ණ ප‍්‍රවේශයක්. ඉස්සර කාලේ හිටපු වෙද මහත්තුරු ලෙඩෙක් ආවහම අහනවා ගම කොහෙද කියලා. ඒ අහන්නේ ඕපදූපයක් දැනගන්න නොවෙයි.

 ලෙඩාගේ ගම පිහිටි පළාතේ කාලගුණික තත්ත්වය, එය තෙත් කලාපයට අයත් ගමක්ද එහෙමත් නැතිනම් වියළි කලාපයට අයත් ගමක්ද කියන එක දැනගන්න. එහෙම දැනගත්තාම වෛද්‍යවරයාට පුළුවන් රෝගියාට ගැළපෙන විදියට බෙහෙත් කරන්න. නිතර වහින පළාතකින් එන රෝගියෙක් නම් ඔහුට වඩාත් ශීත ගුණය සහිත ඖෂධ නුසුදුසු වෙන්න පුළුවන්. හේන් ගොවිතැන් කරන පළාතකින් එන ගොවියෙක් නම් වෛද්‍යවරයා දන්නවා ඔහු කන්නෙ මොනවද, ඔහු කරන වැඩවලින් කොයි කොයි සන්ධි වැහැරෙනවාද කියන එක. දැන් මේ කසායේ තිබෙන නික මුල් සහ නික පොතු. මේ දකම විෂබීජ නාශක ගුණය සහිතයි. ඒ කියන්නේ බැක්ටීරියා නසන්නට මෙයට පුළුවන්. අමු ඉඟුරුවල තිබෙනවා වේදනාව නසන ගුණය. සුදු ලූනු ශරීරය සමහන් කරන ඖෂධයක්. මේ සියල්ල එකතු වුණාම ආතරයිටීස් වේදනාව සහ ඉදිමුම කළමනාකරණය කරගන්න පුළුවන්.

 එවැනි තවත් කසාය වට්ටෝරුවක් සහ ආලේපයක් ඔබට ලබා දෙන්නම්. බැබිල මුල්, පාවට්ටා මුල්, මිදි මුල්, තොටිල පොතු, නෙල්ලි කලං 2 බැගින් ගෙන වතුර පත 8 කට දමා 1 කට සිඳ සීනි මී පැණි දමා උදේ හවස පත (කෝප්ප) භාගය බැගින් දින 6 ක් පානය කළ යුතුයි.

 ඒ අතර වදකහ කුඩු සහ ඉඟුරු කුඩු සමව ගෙන දෙහි ඇඹුලින් අනා දිනකට 2 වරක් සන්ධිවල ආලේප කළ යුතුයි. මෙය සතියක් පමණ නොකඩවා කිරීම වැදගත්.

 ප‍්‍රශ්නය – ඉහත සඳහන් කසායෙහි ක‍්‍රියාකාරිත්වය කෙසේද?

 වෛද්‍ය වසන්ත උදයජීව – මෙය අත්දුටු ඉපැරැණි කසායක්. මේ මගින් මූලික වශයෙන් සිදු කරන්නේ ශරීරයේ කුපිත වූ වාත දෝෂය පාලනය කිරීමයි. මේ කසාය බොන අතර රෝගියා විසින් පහත සඳහන් පරිදි ආහාර විහරණය කළ යුතුයි.

 ආහාර – උණුසුම් ආහාර, කුළුබඩු සහිත ආහාර නිතර ගත යුතුයි. දින තුනෙන් තුනට ශරීරයේ විස නසන ආහාර සහ පලා වර්ග අනුභව කළ යුතුයි. ඔබේ ශරීරයට ගැළපෙන ආහාර වර්ග තෝරා ගැනීම කළ යුත්තේ වෛද්‍යවරයකුගේ උපදෙස් මතයි. මීට අමතරව සුදුසු කාලයේදී විරේක කර ගත යුතුයි.

 ආත‍්‍රයිටිස් රෝගියාගේ ශරීරය මහානාරායන තෛලය දමා සම්බාහනය කිරීම ඉතා සුදුසු බව ආයුර්වේදයේ දැක්වෙනවා. මහා නාරායනය 1 කොටසක් පිරිසිදු තල තෙල් එම ප‍්‍රමාණය හා සමානව ගෙන එකට මිශ‍්‍ර කර වේදනා ගෙන දෙන සන්ධිවල තවරා සම්බාහනය කළ යුතුයි. මේ සියලූ කරුණු අතර උණුසුම් ජල වාෂ්පයෙන් ස්නානය කිරීම ද ඉතා සුදුසු බව මතක තබා ගත යුතුයි.

කාලෙට ගැලපෙන ආතරයිටීස් කසායක්

ආත‍්‍රයිටිස් රෝගියකු අත්හල යුතු ආහාර

 1. සකස් කළ රතු මස්

 2. පිරිපහදු කළ සහ කෘත‍්‍රිම සීනි

 3. සකස් කළ රතුමස් 4. කෝන්් තෙල්

 5. පිරිපහදු ධාන්‍ය සහ පිටි වර්ග

 6. බිත්තර 7. එම්එස්ජී සහිත ආහාර

 8. පිරිපහදු කළ ලූණු 9. වේ ප්‍රෝටීන්

 10. බීර

නොමිලේ විස්තර සඳහා – 037-2230667

advertistmentadvertistment
advertistmentadvertistment