කාවින්ද්‍යා ගොඩක් ශක්තිමත්

506

දැනට ටැටූ හතරක් තියෙනවා
මහ ලොකු සීමා මායිම් නැහැ

කෝළං කුට්ටමේ සුද්දි” මැස්සා හි සලීමා සහ ගඟන පියවර චාපා යන චරිත හරහා ඔබ හමුවට එන කාවින්ද්‍යා දුල්ෂානි මේ දිනවල බොහොම ජනප්‍රිය චරිතයක් ඉතිං ඇයට අපි මේ ඉඩකඩ වෙන්කළා

කාවින්ද්‍යා ගොඩක් ශක්තිමත්

කෝළංකුට්ටම සහ මැස්සා ටෙලි නාට්‍යය දෙකෙන් වැඩි ප්‍රතිචාර මොන චරිතයටද?

මේ ටෙලි නාට්‍ය දෙකට වෙන වෙනම ප්‍රේක්‍ෂක පිරිසක් ඉන්නව’ එකක් වැඩිපුර ජනප්‍රියයි කියල කියන්න බැහැ’ මොකද චරිත දෙකම එක වගේ ජනප්‍රියයි.

කාවින්ද්‍යාගෙ සිත්ගත්තෙ සලීමා ද? සුද්දි ද?

සුද්දි කියන්නෙ දඟකාර වගේම පවුලත් එක්ක ගොඩක් සමීප චරිතයක්’ ඒ වගේම සලීමා කියන්නෙ තාත්තා නැති වුණාට පස්සෙ නංගිල දෙන්නව ජීවත් කරන්න හරි අමාරුවෙන් උත්සාහ කරන කෙනෙක් වගේම තාත්තාට ඒ අපරාධය කළ අයගෙන් පලිගන්න හිතේ වෛරයක් තියාගෙන ඉන්න චරිතයක්’ එකිනෙකට වෙනස් මේ චරිත දෙකටම කාවින්ද්‍යා එක වගේ කැමතියි.

කාවින්ද්‍යා ගොඩක් ශක්තිමත්

ඔබේ ජීවිතයට වඩාත් සමීප චරිතය?

මටත් සලීමාට වගේ ටිකක් කේන්ති යනව’ සුද්දි වගේ දියුණු වෙන්නත් උත්සාහ කරනව’ මේ චරිත දෙකේම ලක්‍ෂණ ටික ටික මටත් තියෙනව’ ඉතිං ඒවත් ප්‍රයෝජනයට අරගෙන තමයි චරිත ගොඩනගාගන්නෙ.

කාවින්ද්‍යා ගොඩක් ශක්තිමත්

සලීමා චරිතයට හුරු වුණේ කොහොමද?

ඇත්තටම ඒ චරිතය ලැබෙනකොට මම බය වුණා’ මොකද මුස්ලිම් චරිතයක්නෙ’ කාවින්ද්‍යාගෙන් ඒ චරිතය හොයාගන්න පුළුවන් වේවිද කියන බය තමයි තිබුණෙ’ නමුත් කණ්ඩායමෙන් ලැබුණ සහයෝගය නිසා මට ඒ අභියෝගය ජයගන්න පුළුවන් වුණා.

ෂූටිං අතරතුර ලොකු අනතුරකටත් මුහුණ දුන්නා?

ඔව්” එක දවසක් මම ටීවී වැඩසටහනකට ඇවිත් කිව්ව චමීර අයියල ගිය ඔරුව පෙරළුණා වගේ මටත් එහෙම වෙනව නම් කැමතියි කියල. ඊට පසුවදා මට ෂූටිං තිබුණෙ මාදු ගඟේ. එක සීන් එකකදි දෙන්නෙකුට යන්න පුළුවන් ඔරුවෙ අපි තුන්දෙනෙකුට යන්න සිද්ධ වුණා. මමයි” චමීර අයියයි” මෞලි අයියයි තමයි ගියේ. එදා මම කිව්ව දේ ඇත්තක් වෙලා ඔරුව පෙරළුණා. පීනන්න පුළුවන් නිසා බය වුණේ නැහැ. නමුත් ඔරුව ඇතුළෙ මගෙ කකුල් දෙක හිර වුණා. ඔළුව වතුර යට. ළඟ හිටපු මෞලි අයිය ඒ මොහොතෙම මාව ඇදල උඩට ගත්ත.

ඔරු පදින්න පුළුවන්ද?

මේ ටෙලි නාට්‍යයේ ෂූටිං පටන්ගන්නකොට මට ඔරු පදින්න බැහැ. පළවෙනි දවසෙ නම් ටිකක් බය වුණා මට මේක කරගන්න බැරිවෙයිද කියල. මාදු ග`ගේ අපි ෂූටිං කරන ප්‍රදේශයේ සුළඟත් ටිකක් වැඩියි. නමුත් දැන්නම් ඔරුව මට හොඳටම හුරුවෙලා.

කාවින්ද්‍යා ගොඩක් ශක්තිමත්

අලුත් ආරාධනා?

ඔව්” මේ දවස්වල අලුත් ටෙලි නාට්‍ය දෙකක ෂූටිංවලට සහභාගි වෙනව. ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන ගගන පියවර ටෙලි නාට්‍යයේ ෂූටිංවලටත් සහභාගි වෙනව.

චාපා ගැන කතාකළොත්?

ගගන පියවර ටෙලි නාට්‍යයේ චාපා කියන්නෙ මාධ්‍යවේදිනියක්. අපි කලින් කතා කළ චරිත දෙකට හාත්පසින්ම වෙනස් චරිතයක්.

චරිත තුනකින් ලැබෙන ජනප්‍රියත්වය ඔබට දැනෙන්නෙ?

ඇත්තටම කිව්වොත් නිහතමානී ආඩම්බරයක් තියෙනව. චරිත තුනටම එක හා සමාන ප්‍රතිචාර ලැබෙනව. මගතොටදි වුණත් ඒ චරිත නමින් කෙනෙක් කතාකරනකොට හරි ආසයි.

මේ පිටපත් අතට ලැබෙනකොට ජීවිතයේ මේ තරම් වෙනසක් වෙයි කියල බලාපොරොත්තු වුණාද?

රංගනයට ආවට පස්සෙ මට තිබුණ හීනයක් තමයි සද්ධාමංගල සූරිය බණ්ඩාර” ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සහ ප්‍රභාත් දර්ශන යන තිදෙනාගේ එකමුතුවෙන් යන වැඩකට සම්බන්ධ වෙන එක. කෝළංකුට්ටම හරහා සැබෑ වුණේ ඒ හීනය.

සිනමාවට ලැබුණු ආරාධනා?

මගේ පළමුවැනි සිනමා නිර්මාණය වන ‘උතුරු සුළඟ’ වැඩකටයුතු මේ වන විට අවසන් වෙලා තියෙනවා. ළඟදීම සිනමාහල්වල තිරගත වේවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නව.

කැපිලි කෙටිලි?

ජනප්‍රිය වුණත් නැතත් කැපිලි කෙටිලි තියෙනව. කවුරු කැපුවත් කෙටුවත් මම ගණන්ගන්නෙ නැහැ. හැමෝමත් එක්ක සහයෝගයෙන් ඉන්න උත්සාහ කරනව. ඒ දේවල් නිසා මගේ වැඩ නතර කරන්නෙ නැහැ. කාවින්ද්‍යා කියන්නෙ ගොඩක් ශක්තිමත් කෙනෙක්’ මගේ අම්මාට පින්සිද්ධ වෙන්න මට ශක්තිමත් හිතක් ලැබිල තියෙනව.

ඔබේ වෘත්තිය රංගනය?

ඔව්” දැන් රංගනය මගේ වෘත්තිය වෙලා.

රංගනය නොකළා නම් ඔබේ වෘත්තිය?

මට හිතාගන්න අමාරුයි මොන වගේ පැත්තකට මම යොමුවෙයිද කියල. කොහොම වුණත් අපේ අම්ම නීති අංශයේ රැකියාවක් කරන නිසා ඇයට ලොකු වුවමනාවක් තිබිල තියෙනව මාව නීතීඥවරියක් කරන්න.

විලාසිතා ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ?

අපි ඕනෑම දෙයක් අඳින්න පළඳින්න ඕන අපේ ඇඟට ගැලපෙන විදිහට’ මමත් මට ගැලපෙන විදිහට විලාසිතා කරනව.

චරිතවලට සීමා තියෙනවද?

ඔව්” මං විසින් මටම දාගත්ත පොඩි පොඩි සීමා මායිම් කිහිපයක් තියෙනව’ ලොකුවට සීමා මායිම් දාගෙන වැඩකරන්නත් බැහැ. මම රංගන ශිල්පිණියක්නම් ඕනෑම චරිතයක් කරන්න සූදානම් වෙන්න ඕන. ඒකත් ඔළුවෙ තියාගෙන තමයි වැඩකරගෙන යන්නෙ.

රඟපාන්න කැමති චරිතයක්?

පෙනුමත් එක්ක මට ගොඩක් ආරාධනා ලැබෙන්නෙ ගැමි චරිත වලට. නමුත් මම ඇත්තටම ආසයි ශාරීරික ආබාධයක් තියෙන චරිතයක් රඟපාන්න.

ඔබ ටැටූ වලට කැමතියි?

ඔව්” මම ටැටූ වලට ගොඩක් කැමති කෙනෙක්. රංගනය මගේ වෘත්තිය වෙලා තියෙන නිසා ටැටූ විලාසිතා සීමාවක් ඇතුව කරන්න වෙලා තියෙනව. ඒ වුණත් දැනටත් හතරක් ගහලා තියෙනව.

කැමතිම සම්මානය?

මම කැමතියි කවද හරි දවසක හොඳම නිළිය සම්මානය ලබා ගන්න.

මහේෂ් එදිරිසිංහ
ඡායා – පවිඳු දිල්ෂාන්

advertistmentadvertistment
advertistmentadvertistment