කාවින්ද නිසා සිහින බොදකරගත් ලිහිණි – අබ්ලික් Story

444

කාවින්දගෙ ගෙවල් තිබුණේ කෑගල්ලේ. ආර්ථික අගහිඟකම් මැද්දේ අධ්‍යාපන කටයුතු කරපු කාවින්ද ඒ හැම දේකම ප‍්‍රතිඵල ලබා ගත්තා. කාවින්දට ඔස්ටේ‍්‍රලියාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් ලැබුණේ ඔය අතරේදියි.

ලියිණිගේ ගෙවල් තිබුණෙත් කාවින්දගේ ගෙවල් ළඟමයි. පුංචි කාලේ ඉඳලා මේ දෙන්න හොඳ යාළුවෝ. මේ පවුල් දෙකත් බොහොම ළඟින් ආශ‍්‍රය කළා. ලිහිණිගේ පවුල ධනවත්. ඕනේ තරම් සල්ලි තිබුණා ඒ අයට වියදම් කරන්න. වසර දෙකකින් ලිහිණි බාල වුණත් ඇය ළඟින්ම ආශ‍්‍රයේ කළේ කාවින්ද.

කාවින්දට ඔස්ටේ‍්‍රලියා යන්න ලැබුණු කාලෙම ලිහිණිටත් අවස්ථාවක් ලැබිලා තිබුණා ඒ රටේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වෙන්න.

ආර්ථික ප‍්‍රශ්න ගොන්නක සිටිය නිසා කාවින්දට ඔස්ටේ‍්‍රලියා ගමන ගැන ගැටලූ ගොඩක් තිබුණා. අන්තිමේදී කාවින්ද වෙනුවෙන් පෙනී හිටියේ ලිහිණිගේ දෙමව්පියෝ.

කාවින්ද නිසා සිහින බොදකරගත් ලිහිණි - අබ්ලික් Story

කාවින්ද පුතේ ඔයාට යන වියදම් සේරම අපි බලාගන්නම්. අපිට සතුටුයි අපේ දුවත් ඔයා එක්කම ඔස්ටේ‍්‍රලියා යවන්න ලැබිච්ච එක ගැන. අපිට දැන් කිසි බයක් නැහැ.

කාවින්දගේ ඔස්ටේ‍්‍රලියා ගමනට අවශ්‍ය කරන රුපියල් පහළොස් ලක්‍ෂයක මුදල ලබාදුන්නේ ලිහිණිගේ තාත්තා.

පුංචි කාලේ ඉඳලා සහෝදර සහෝදරියෝ වගේ ඇසුරු කළාට තාරුණ්‍යයට ආවට පස්සේ ලිහිණිගේ ආදර සම්බන්ධයකුත් ගොඩනැඟිලා තිබුණා. දෙපාර්ශ්වයේ වැඩිහිටියෝ මේ කිසි දෙයක් ගැන දැනගෙන හිටියේ නැහැ.

කාවින්දයි ලිහිණියි ඔස්ටේ‍්‍රලියා ගියා. දෙන්නට අධ්‍යාපනය ලබන්න තිබුණු විශ්වවිද්‍යාල දෙක තිබුණෙත් බොහොම කිට්ටුව.

දන්න අඳුනන කාත් කව්රුත් නැති රටකට ආවට පස්සේ ලිහිනිට ලොකු තනිකමක් පාළුවක් දැනුණා. ඒ හැම දෙයක්ම එයා මකා ගත්තේ කාවින්ද නිසයි. දෙන්නා අතරේ තිබුණු ආදර සම්බන්ධයත් ටිකෙන් ටික ලියලා වැඩෙන්න වුණා.

ඔස්ටේ‍්‍රලියාවේදී දෙන්නට උපරිම නිදහස භුක්ති විඳින්න අවස්ථාව ලැබුණා. කාවින්දත් ලිහිණිත් ඒ දෙන්නටම වෙන්වෙච්ච ලෝකයක තනිවුණා. ලිහිණිට කාවින්ද ගැන තිබුණේ පුදුමාකාර විශ්වාසයක්. කොටින්ම ලිහිණි එයාගේ අනාගතේ කාවින්දට භාරදීලා තිබුණේ.

‘අපි ලංකාවට ගිය ගමන් කසාද බඳිමු. මට දැන් ඔයාගෙන් තොර ලෝකයක් නැහැ කාවින්ද, ලිහිණි කාවින්දට තුරුලූවෙලා ඉන්න හැම මොහොතකම මේ ගැන කිව්වා. ඒ වෙනකොට ලිහිණි කාවින්ද වෙනුවෙන් එයාගේ වටිනා කියන හැම දෙයක්ම පූජා කරලා තිබුණේ.

ටික කාලයක් ගතවෙද්දී ලිහිණිට කාවින්දගේ පුංචි පුංචි වෙනස්කම් දැනෙන්න පටන් ගත්තා. කාවින්ද ලිහිණිව ටිකෙන් ටික මගහරින බවක් ඇතිවෙන්න ගත්තා.

ඇයි කාවින්ද මට මෙහෙම කරන්නේ. අපි අනාගතේ ගැන කොයි තරම් හීන මවනවද මට දැන් ඔයාගෙන් තොර ලෝකයක් නැහැ.

ලිහිණි කාවින්දගේ අත්දෙක අල්ලගෙන අඬ අඬා මේ ගැන කිව්වා. අන්තිමේදී ලිහිණිට ආරංචි වුණා කාවින්දගේ කෙරුවාවල් ගැන. කාවින්ද ඒ වෙනකොට එයා අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලයේ සුදු කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්කම සම්බන්ධකම් පවත්වනවා. සමහර කෙල්ලෝ එක්ක එකට ජීවත් වෙනවා කියලත් ලිහිණිට දැනගන්න ලැබුණා. ලිහිණිගේ සුන්දර ලෝකය එයා ඉදිරිපිටම කැඩිල බිඳිලා සුනු විසුනුවෙලා ගියා.

මේ සිද්ධියෙන් පස්සේ ලිහිණිට කාවින්දව අප‍්‍රසන්න වුණා. කාවින්දට තේරුණා එයාගේ සල්ලාල ලෝකෙ ගැන හැම දෙයක්ම ලිහිණි දැනගෙන කියලා. කාවින්ද ලිහිණි පස්සේ එන්න ගත්තා වරදට සමාව ඉල්ල ඉල්ලා.

කාවින්ද මගේ යකා අවුස්සගන්න එපා. තමුසේ තමුසෙගෙ වැඩක් කර ගන්නවා. මගේ දෙමව්පියෝ තමුසෙට ලක්‍ෂ ගාණක් වියදම් කරලා මේ රටට එව්වේ. ඒකෙ ගුණේවත් තමුසේ තිබ්බේ නැහැ. ලිහිණි කාවින්දට බැණ වැදිලා පන්න ගත්තා. ලිහිණි කොයිතරම් ප‍්‍රතික්‍ෂේප කළත් කාවින්ද එයා පස්සෙන් එන එක නතර කළේ නැහැ. මොකද කාවින්ද දැනගෙන හිටියා ලිහිණි කියන්නේ හොඳ කෙල්ලක් සල්ලි බාගේ යහමින් තිබෙන මේ වගේ වැදගත් කෙල්ලක් කවදාවත් කසාද බඳින්න නොලැබෙන බව එයා හොඳටම දැනගෙන හිටියා. ඒ නිසයි එයා ලිහිණිව අතහැරියේ නැත්තේ.

කාලය කෙමෙන් ගෙවිලා ගියා. අධ්‍යාපන කටයුතු නිම කරලා ලිහිණි ආපසු ලංකාවට ආවා. ඊට ටික කාලෙකට පස්සේ කාවින්දත් ආවා.

ඒ වෙනකොටත් කාවින්ද ලිහිණි පස්සේ එන එක නතර කරලා නැහැ. ලිහිණිට කාවින්දව ඇස් දෙකට පේන්න බැරි තරමට එපාවෙලා.

ලිහිණිගේ ආදරේ නොලැබිච්ච තැන කාවින්ද ටිකෙන් ටික දරුණු වෙන්න ගත්තා.

මං මෙච්චරකල් උඹට වැඳ වැඳ පස්සෙන් ආවා. මීට පස්සේ මං උඹ පස්සේ එන්නේ නැහැ. හැබැයි හෙට ඉඳලා උඹට මං පස්සේ එන තැනට මං වැඩ සලස්සනවා.

කාවින්ද තර්ජනය කළා. එදා හවස් වෙද්දී කාවින්ද ලිහිණිගේ ජංගම දුරකථනයට ඡායාරූප කීපයක් එව්වා.

ඒ ඡායාරූපවල තිබුණේ කාවින්ද ලිහිණි එක්ක ලිංගිකව හැසිරෙන අවස්ථා. ඒවා දැක්කට පස්සේ ලිහිණිට දෙළොව රත් වුණා. ඔස්ටේ‍්‍රලියාවෙදී ගත කරපු ඒ නිදහස් ජීවිතේ අනිටු ප‍්‍රතිඵල එකින් එක පස්සෙන් එන බව ලිහිණිට තේරුණා. ලිහිණි දහඅතේ කල්පනා කළා මොනවද කරන්නේ කියලා.

මේ පින්තූර මං එව්වේ උඹට විතරයි. තව දවස් දෙක තුනක් යද්දී මේවා උඹගේ දෙමව්පියන්ට පවුලේ සාමාජිකයන් අතට පත් වුණාම උඹට පාරේ බැහැලා යන්න බැරි වෙයි.

කාවින්දගේ තර්ජන ගර්ජන හමුවේ ලිහිණි අසරණ වුණා. මොන දේ වුණත් ලිහිණිට කාවින්ද එක්ක එක වහලක් යටට යන්න කිසිම කැමැත්තක් තිබුණේ නැහැ.

අන්තිමේදී ලිහිණි සිද්ධවෙච්ච හැම දෙයක්ම දෙමව්පියන්ටත් කිව්වා. ඒ කතාව ඇහුවට පස්සේ ලිහිණිගේ අම්මා වැළහින්නක් වගේ හඬා වැටුණා. තාත්තටත් කර කියා ගන්න දෙයක් නැහැ. ප‍්‍රශ්නය ගොඩින් බේරගන්න ලිහිණිගේ තාත්තා කාවින්ද කියන පාහරයට කතාකළා.

අපි උඹට සල්ලි දීලා ඔස්ටේ‍්‍රලියා යැව්වේ මේ වගේ වැඩක් කරන්නද උඹ අදම අපේ සල්ලි ටික ආපහු දීපං… ලිහිණිගේ තාත්තා කාවින්දට බැණ වැදුණා.

අංකල් ඒ සල්ලි දෑවැද්දට දුන්න කියලා හිතාගෙන මට ලිහිණිව බන්දලා දෙන්න. එහෙම නොකළොත් මං එයාට පාරේ බැහැලා යන්න බැරි තැනට වැඩ සලස්සනවා. මේ ෆොටෝස් වීඩියෝ ටික එළියට දැම්මම එයාට වෙන්නේ සියදිවි හානිකර ගන්න.

කාවින්ද තර්ජනය කළා. අන්තිමේදී විඳින්න වෙන අපහාස පැත්තක තියලා කාවින්දට එරෙහිව පොලිසි යන්න ලිහිණිගේ දෙමව්පියෝ පියවර ගත්තා.

රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment