කාශ්මීරයේ අධික වැස්සෙන් 35ක් අතුරුදන්

110

බදාදා උදෑසන ඉන්දු කාශ්මීරයේ කිෂ්ට්වාර් හි ඩච්චන් ප‍්‍රදේශයේ හින්ජාර් ගම්මානයේ ඇති වූ වලාකුළු පිපිරීමකින් (හදිසියේ ඇතිවන අධික වර්ෂාව) පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් 35 දෙනකු පමණ අතුරුදන් වී තිබේ. මේ වන විට මළ සිරුරු හතරක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ. නිවාස හයකට සහ සලාක ගබඩාවකට ද හානි සිදුවිය. ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දීය හමුදාව සහ පොලිස් කණ්ඩායම් එම ප‍්‍රදේශයට පැමිණ ඇත. මෙම සිද්ධියෙන් මියගිය අය අතර කාන්තාවන් දෙදෙනකු ද සිටින බව සිවිල් ආරක්ෂක හා එස්ඞීආර්එෆ් පොලිස් ස්ථානාධිපති ජෙනරාල් ස්වදේශ ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් වී. කේ. සිං මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment