කාශ්මීර් ෆයිල්ස් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක  විවෙක් අග්නි හොට්රිට මරණ තර්ජන

314

කමාන්ඩෝ භටයන් අටකගේ රැකවරණ

 කාශ්මීර් ෆයිල්ස් අධ්‍යක්ෂ විවෙක් අග්නි හොට්රිට එල්ල වී ඇති මරණීය තර්ජන නිසා ඉන්දීය රජය ඔහුට දැඩි ආරක්ෂාව ලබාදී ඇත. එම චිත‍්‍රපටය පිළිබඳව අන්තවාදීන් දැඩි විරෝධය දක්වා තිබේ. මේ නිසා කමාන්ඩෝ භටයන් අටදෙනකුගේ ආරක්ෂාව ඔහුට සපයා ඇත. එම ආරක්ෂාව චිත‍්‍රපට නිළි කන්ගනා නෙවුට්ටද තර්ජන එල්ල වීමෙන් ඇයට ද ආරක්ෂාව සපයා තිබේ.

 ෂිව්සේනා ප‍්‍රකාශක සන්ජේ රවුට් සමග ද ඇය ඇතිකරගත් වචන හුවමාරුවක් නිසා ඇගේ මුම්බායි හි පිහිටි නව කාර්යාලය ද විනාශකර ඇත. මේ අතර කාශ්මීර් ෆයිල්ස් චිත‍්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 200ක ආදායමක් ලබා තිබේ. මෙම චිත‍්‍රපටයේ අනුපම් කෙහර්, මිතුන් චක‍්‍රබෝති, පලවි ජොශි, හාෂා සුම්බලි සහ දර්ශන් කුමාර් චරිත මවති.

 සංස්කරණය – කීර්තිවර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment