කාශ්‍යප හිමි රිමාන්ඩ් කර සනත් නිශාන්තලාගේ ජංගම දුරකථන ඉල්ලයි

239


අගමැති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බලන්ගොඩ කාශ්‍යප ස්වාමීන්වහන්සේ අද කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 26 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.
එසේම මැයි මස 09 වැනිදා ගාලුමුවදොර අරගලය පිටියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා මත ඇප මත නිදහස්ව සිටින පාර්ලිමේන්තු සනත් නිශාන්ත,මිලාන් ජයතිලක යන අය සහ සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද්ගේ ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට භාරදෙන ලෙසද කොටුව මහෙස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment