කාසල්රි සහ මාඋස්සාකැලේ  ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළට

192

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර නිලධාරියකු පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ එම නිලධාරියා පවසන ලද්දේ පවතින අධික වැසි හේතුවෙන් මේ වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට වඩා අඩි 09යි අඟල් 09ක් පහළින් පවතින බවත් මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 50යි අඟල් 05ක් පිරී ඇති බවත්ය.

මෙම ජලාශවල ජලය උපයෝගිකර ගෙන විමලසුරේන්ද්‍ර, කැනියන්, ලක්ෂපාන සහ නව ලක්ෂපාන යන ජල විදුලි බලාගාරවලින් උපරිම ජල විදුලිය නිපදවීමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පැවසීය.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment