කාසල්රි සහ මාඋස්සාකැලේ ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළට

147

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්ත්වයන් හේතුවෙන් ජල විදුලි බලාගාර සඳහා ජලය සැපයෙන කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර නිලධාරියකු පවසයි.

මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්ත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට වඩා 14 අගල් 01 පහළින් පවතින බවත් මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 40 අඟල් 03 පිරී ඇති බවත් එම නිලධාරියා පවසයි. මෙම ජලාශ දෙකේ ජලය විමසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ කැනියන් වැනි ජල විදුලි බලාගාරවල ජල විදුලිය නිපදවීම සඳහා උපයෝගි කර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment