කාසල්රී ජලාශයේ තරුණ මළ සිරුරක්

192


කාසල්රී ජලාශයේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් අද සවස නොර්වූඩ්ල දියසිරිගම ප්‍රදේශයෙන් හමු වූ බව නොර්වූඩ් පොලීසිය පවසයි.
නොර්වූඩ් පොලිස් වසමට අයත්ල නොර්වූඩ් තේ වතුයායේග ඉහළ කොටසේ පදිංචිව සිටි සරත් කුමාර නැමැති 20 හැවිරිදි තරුණයාගේ මළ සිරුර බවට මිය ගිය අයගේ ඥාතීන් විසින් හඳුනාගත් බව පොලීසිය කියයි.
මෙම තරුණයා ඊයේ රාත්‍රියේ සිට නිවසින් අතුරුදන්ව සිටි බවත් ප්‍රදේශවාසීන් සමග සොයා බලද්දී අද පස්වරුවේ කාසල්රි ජලාශ ඉවුරේ තිබී ඔහුගේ ජංගම දුරකතනය හා පාවහන් යුගල හමුවූ බවත් අනතුරුව නොර්වුඩ් පොලීසියට දැනුම්දීමෙන් පසුව මළ සිරුර කාසල්රී ජලාශයේ තිබී සොයාගත් බවත් ඥාතීහූ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment