කාසල්රී හා මාඋස්සාකැලේ ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළට

166

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රී හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර නිලධාරියෙක් පැවසීය.

දැනට දින දෙක තුනක පමණ කාලයක සිට මෙම ප්‍රදේශයන්ට අධික ලෙස වැසි පවතින බවත් එම තත්ත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් මෙම ජලය ජල විදුලිය නිපදවීම සඳහා භාවිතා කිරීමට පියවර ගන්නා බවත් එම නිලධාරියා තවදුරටත් පැවසීය.

හැටන් මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment