කැටගොඩගේ – රන්ජන්ගේ තනතුරු වෙනත් 4දෙනකුට

247

ජයන්ත කැටගොඩ සහ රංජන් රාමනායක යන මහත්වරුන් මන්තී‍්‍ර ධුරවලින් ඉවත්වීම් හේතුවෙන් පාර්ලිමේන්තු කාරක සභාවන් කිහිපයක ඇතිවූ පුරප්පාඩු පිරවීමට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන්ම ජගත් කුමාර, අජිත් මාන්නප්පෙරුම සහ සංජීව එදිරිමාන්න යන මහත්වරුන් පත් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06 දා* පැවසීය.

 ඒ අනුව ජයන්ත කැටගොඩ මහතා මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා මන්ත‍්‍රී ජගත් කුමාර මහතා නම් කර තිබෙන බව කථානායකවයා සඳහන් කළේය.

 එමෙන්ම මන්ත‍්‍රී සංජීව එදිරිමාන්න මහතා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි නම් කර ඇත.

 ජයන්ත කැටගොඩ මහතා මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංජීව එදිරිමාන්න මහතා නම් කර තිබේ.

 රන්ජන් රාමනායක මහතාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා නම් කර තිබෙන බව ද කථානායකවරයා නිවේදනය කළේය.

 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 127(3* හි විධිවිධාන ප‍්‍රකාරව, 2021 අගෝස්තු 05 වැනිදා රැස්වූ තේරීම් කාරක සභාව විසින් මෙම නම් කිරීම් සිදු කළ බව ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට දන්වා සිටියේය.

 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment