කැටගොඩ අගහරුවාදා දිවුරුම් දෙයි

217

ජයන්ත කැටගොඩ මහතා ලබන 21 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතය. ඊට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කිරීමට නියමිතය.

වත්මන් මහ බැංකු අධිපති, හිටපු මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙහි කැටගොඩ මහතා දිවුරුම් දෙයි.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීම වෙනුවෙන් කැටගොඩ මහතා පසුගිය ජූලි මස 06 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව මාස දෙකහමාරකට පසුව ඒ මහතා නැවතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් දිවුරුම් දෙනු ලබන අතර හෙතෙම 2000 වසරේදී කොළඹ දිසත‍්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

ලබන 21 වැනිදා පාර්ලිමේන්තු රැුස්වීම් ආරම්භ වූ විට එහි ප‍්‍රථම නිල කාර්ය වශයෙන් නව මන්ත‍්‍රී දිවුරුම් දීම සිදු කරනු ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment