කැටගොඩ ගැසට් වෙයි

160

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයට ජයන්ත කැටගොඩ මහතා නම් කිරීමට අදාළ

ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ඊයේ (17 දා* නිකුත් කර ඇත.

රාජ්‍ය ඇමැතිව සිටි අජිත් නිවාඞ් කබ්රාල් මහතා මන්තී‍්‍ර ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව ඇති වූ අතර ඊට ජයන්ත කැටගොඩ මහතා පත් කරන ලෙස පක්ෂ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය. ඒ අනුව ඊයේ රැුස්වූ මැතිවරණ කොමිෂන් සභාව ජයන්ත කැටගොඩ මහතාගේ නම අනුමත කර අදාළ නිවේදනය මුද්‍රණාලය වෙත යවනු ලැබීය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment