කැඩුණු බිඳුණු බඩු නොවේ අපි පිළිසකර කරන්නේ තරුණියන්ගේ කුමරි බඹසර

2055

සැත්කමට අඩුම 75000 යි

ඉල්ලුම වැඩි නිසා ලෙහෙසියෙන් වෙලාවක් ගන්නත් බැහැ…

මෙරට පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කර වරක් මෙලෙස පැවසුවේය.

”මේ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට කරන්න බැරි ගෑනියෙක් පිරිමියෙක් කරන එකත් පිරිමියෙක් ගෑනියෙක් කරන එකත් විතරයි.” එකල මෙය ප‍්‍රසිද්ධ කියමනක් විය. එහෙත් ජයවර්ධන මහතා එලෙස ප‍්‍රකාශ කර මාස කීපයක් ගතවීමටත් පෙර වෛද්‍ය විද්‍යාවට අනුව ගෑනියෙක් පිරිමියෙක් කිරීමටත් පිරිමියෙක් ගැහැනියෙක් කිරීමටත් හැකි විය. එහෙත් අද අපි මේ කතා කරන්නට යන්නේ පිරිමියෙක් ගැහැනියක් කිරීමත් ගැහැනියෙක් පිරිමියෙක් කිරීමත් ගැන නොවෙයි තරුණියකගෙ නැතිවුණු කන්‍යා පටලය යළි සකස් කරගන්නා ආකාරය ගැනයි. කතාව සැකෙවින් මෙසේය.

සෙව්වන්දි දකුණු පළාතේ ගම්බද තරුණියකි. දෙමාපිය සෙනෙහස යටතේ ගම්බද හැදී වැඩුණු ඇය ගුණවත් මෙන්ම ඉතා රූමත් තරුණියක වූවාය. එලෙසම ඇය උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්වී කොළඹ සරසවියට තේරී පත්වූවාය. කොළඹ සරසවියට පැමිණි පසු ඇයගේ ජීවිතය ක‍්‍රමක‍්‍රමයෙන් වෙනස් වන්නට පටන් ගත්තාය. ඒ ඇයගේ හොඳම යෙහෙළියගේ ඇසුර නිසාය. ඇය නමින් ටෙක්ලාය. ඇය ගම්පහ ප‍්‍රදේශයේ හැදී වැඩුණු විසේකාර තරුණියකි. සරසවියට පැමිණෙ විටත් ඇය පෙම්වතුන් තුන් හතර දෙනෙකු ඇසුරු කර තිබුණාය.

ටෙක්ලාගේ අලූත්ම පෙම්වතා වූයේ තරුණ ව්‍යාපාරිකයකු වන රයන්ය. වාහන අමතර කොටස් ලංකාවට ගෙන්වන ඔහු පංචිකාවත්ත ප‍්‍රදේශයේ තම ව්‍යාපාර පවත්වාගෙන ගියේය. ටෙක්ලාගේ මාර්ගයෙන් ඔහු සෙව්වන්දිව ද දැන හඳුන ගත්තේය.

දිනක් ලැගුම්හලක පෙම්සුව විඳින ගමන් රයන් ටෙක්ලාට මෙලෙස පැවසුවේය.

”බබා සෙව්වන්දි ඉන්නව නේද?”

”ඔව් ඇයි.”

”එකීට කොල්ලෙක් ඉන්නවද ?”

”අපෝ තවම නැහැ. ගමේ ඉඳන් නේ ආවේ තවම මං හදලා ගන්නවා.”

”එහෙනම් උදව්වක් කරන්න.”

”ඒ මොකක්ද ?”

”අශේන් ඉන්නෙ මගේ හොඳම යාළුවා.”

”ඔව් ඉතින්.”

”දවස් දෙක තුනක්ම සෙව්වන්දිව දැකලා තියෙනවා ඔයත් එක්ක ඉන්නකොට…”

”ආ මට දැන්නෙ තේරෙන්නෙ. අපේ සෙව්වන්දිට එයා කැමතිලූ.”

”ඔව් ඔව් ඒක තමයි. මට බේරෙන්න බැහැ යාළු කරලා දෙන්න කියලා. කොල්ලා හොඳ එකා හොඳට සල්ලි තියෙනවා එච්චරයි මට කියන්න තියෙන්නේ.”

”අනේ මේ සල්ලි තියාගන්න. ඒකි කැමති වෙන එකක් නැහැ. එයාට ඕනේ හොඳට ඉගෙන ගන්න.”

”ලව් කළාට ඉගෙන ගන්න එකට බාධාවක් වෙන්නේ නැහැනේ. කොහොම හරි ඒකිව සෙට් කරලා දෙන්නකෝ.”

”බලමු මම අහල බලන්නම්.”

”එහෙම කියන්න එපා ඒකීට කොල්ලෙකුත් නැහැනේ. ඔයාට මේක කරන්න පුළුවන් අනිවාර්යෙන්ම.”

”හරි හරි මම ඒක කියලා බලන්නම්. දැන් ඔය ගැන කතා කළා ඇති. අපි අපේ වැඩක් බලා ගමු.”

පසුදින සරසවියේ දී ටෙක්ලා තම හොඳම මිතුරිය වූ සෙව්වන්දි සමග මෙසේ කතාබස් කළහ.

”ඉතින් සෙව් කොහොමද?. ඊයේ මට එන්න බැරි වුණා උඹ දන්නවනේ හේතුව.”

”ඔව් ඔව් හේතුව දන්නවා. කෙල්ලට වාසී වගේ.”

”ඉතින් හැමදාම මට වාසි නේ. ඒක නොවේ උඹගෙන් දෙයක් අහන්නම්.”

”ඒ මොකද්ද කියපන්.”

”උඹ කවදාවත් කොල්ලෙක් එක්ක යාළු වෙලා නැද්ද?”

”නැහැ ඇත්තටම නැහැ බං. අපේ අම්මල තාත්තලත් එක්ක ඒවා බෑහැ.”

”දැන් උඹ පොඩි එකෙක් නෙවෙයිනෙ.”

”හරි උඹ මොකක්ද ඔය මට කියන්න හදන්නෙ.”

”අපි කෙලින්ම කතාවට බහිමු. මගේ රයන් උඹට යෝජනාවක් ගෙනාවා.”

”උඹගේ රයන් මට.”

”නැහැ නැහැ රයන්ගෙ හොඳම යාළුවා අශේන්.”

”මම දන්න අශේන් කෙනෙක් නැහැ.”

”සමහර දාට රයන් එක්ක එන්නේ.”

”උඹට පිස්සුද මම ඕවට කැමති නැහැ. අනික කොළඹ කොල්ලෙක්.”

”කොළඹ ගමේ කියලා කොල්ලන්ගෙ වෙනසක් නැහැ. අනික ඌ හොඳ සල්ලිකාරයා. හිත හොඳ එකාලූ.”

”මට සල්ලි වැඩක් නැහැ.”

”මෝඩියේ මම කියන දේ අහපන්. උඹට හොඳක් කරන්න මං මේ හදන්නේ.”

”අනේ මට ඉගෙන ගන්න ගමන් ඕව කරන්න බැහැ.”

”මේ මම කරන්නේ. වයසට ගිහින් ලව් කරන්න බැහැ.”

”මට බෑ. මම කැමති නැහැ.”

”මේ මම කියන දේ අහපන්. කොල්ලෙක් එක්ක යාළුවෙලා පොඩි ආතල් එකක් ගනිං. උඹ දන්නවනේ මේ මගේ හතරවෙනි කොල්ලා.”

”උඹට වගේ මට බැහැ.”

”ඇයි එහෙම කියන්නේ.”

”අපේ ගෙවල්වලින් ප‍්‍රශ්න. අනික මට බැහැ කොල්ලොත් එක්ක ගිහිල්ලා අනාථ වෙන්න. කසාද බඳින්න ඉස්සෙල්ලා ගැහැනියක් වෙන්නත් මට බැහැ. දන්නවනේ කොළඹ කොල්ලන්ගෙ හැටි.”

”උඹට නම් පිස්සු. එහෙනම් ගිහින් මහණ වෙයන්.”

”ඔව් දවසක මහණ වෙනවා තමයි. එක තමයි ලෝකෙ තියෙන උතුම්ම සත්‍යය. අපි මේ හැඟීම් පස්සෙ ගිහිල්ලා මොනාද කරන්නේ.”

”මෙන්න වැන්දා. නවත්තපන් ඔය බණ. අපි කැන්ටින් එකට යමු මොනවා හරි බොන්න.”

එම කතාව එතනින් නොනැවතුණි. ටෙක්ලා දිගින් දිගටම සෙව්වන්දිට අශේන් ගැන පැවසුවාය. මාසයක් පමණ ගත වූ පසු සෙව්වන්දි අශේන් මුණගැසීමට කැමැති වූවාය. එ අනුව දිනක් රයන්, අශේන්, ටෙක්ලා සහ සෙව්වන්දි එකට මුණගැසුනහ. එලෙස මුණ ගැසී තවත් සති කිහිපයක් ගතවෙද්දී අශේන්ගේ පෙම්වතිය බවට සෙව්වන්දි පත්විය. අශේන් ද රයන් මෙන්ම ව්‍යාපාරිකයෙකි. එමෙන්ම සල්ලාලයෙකි. මේ කිසිත් නොදත් සෙව්වන්දි තම යෙහෙළියගේ වචනය විශ්වාස කරමින් ඔහුට ආදරය කිරීමට පටන් ගත්තාය. එම ආදරයට මාස කිහිපයක් ගත විය. දිනක් අශේන් ඇයට යෝජනාවක් ගෙනාවේය. ඒ ඔහු සමග නුවරඑළියේ යෑමටයි. පළමුව එම යෝජනාවට අකමැති වූවාය. එහෙත් අශේන්ගේ බලවත් පෙරැත්ත නිසා අවසානයේ ඇය එම යෝජනාවට කැමැති වූවාය. නුවරඑළියේ ගත කළ පළමු රාත‍්‍රියේ දීම මෙතෙක් කල් ජීවිතයේ ආරක්ෂා කරගෙන සිටි වටිනාම දෙය ඔහුට පුද කිරීමට ඇයට සිදු වූවාය. එතැන් පටන් ලද සෑම මොහොතකම අශෙන් සමග ලැගුම්හල්වලට යෑමට ඇයට සිදු වූවාය. ඒ සෑම මොහොතකම ඇය ගියේ ඔහු ගැන තිබූ විශ්වාසය නිසාය.

වසර දෙකක් එලෙස ගත විය. උපාධිය ලබාගෙන ඇය සරසවියට සමුදුන්නාය. ඒ සමගම ඇයගේ ආදර සම්බන්ධතාවය බිඳ වැටුණි. ඒ අශේන්ගේ සැබෑ ස්වරූපය ඇය දැනගත් පසුවයි. ඉතා අමාරුවෙන් තම පළමු ආදරය අතහැර දැමූ ඇය මාතර ප‍්‍රදේශයේ ම රජයේ රැකියාවක නිරත වූවාය. ඒ සමගම ඇය දැඩි තීරණයක් ගත්තාය. ඒ කිසි දිනෙක විවාහ නොවන බවයි. ඒ අශේන් අතින් සිදු වූ වරද යළි කිසි දිනක සෑදිය නොහැකි නිසාය.

තවත් වසර දෙකක් පමණ එලෙස ගත විය. රූමත් ඇයට නිවැසියන් ගෙන් මෙන්ම හිතවතුන්ද විවාහ යෝජනා රැසක් ගෙනාහ. එහෙත් ඇය ඒ කිසිවකටත් කැමති වූයේ නැත. ඒ පළමු පෙම්වතා අතින් තම පතිවෘතාව නැතිවුණ නිසාය. අනිවාර්යෙන්ම යුගදිවියට එය බාධාවක් වන බව දැන ගත් ඇය සදාකාලිකව තනිකඩව සිටීමට තීරණය කළාය. දිනක් ඇයට තම හොඳම යෙහෙළිය වූ ටෙක්ලා මුණගැසුණි. ඒ වසර කිහිපයකට පසු සරසවියේ තිබූ උත්සවයකදීය. එහිදී දෙදෙනා මෙලෙස කතා බස් කළහ.

”උඹ ගමට ගියා ගියාමයි කිසිම ආරංචියක් නැහැ. මම හැමතැනම හෙව්වා උඹව.”

”එහෙම එකක් නැහැ දන්නවනේ ඉතින් මගේ හැටි.”

”ඒක නොවෙයි කියපන් දැන් මොනවද අලූත් විස්තර.”

”විශේෂයක් නැහැ ජොබ් එක කරගෙන ඉන්නවා. උඹගෙ.”

”මම කසාද බැන්දා. දැන් මාස තුනක් විතර වෙනවා.”

”කවුද රයන්වද?”

”නැහැ බං. වෙන කොල්ලෙක් සෙට් වුණා. ඉක්මනටම අපි කසාද බැන්දා.”

”උඹ නම් මාරයි.”

”ඇයි එහෙම කියන්නේ.”

”නැහැ කොල්ලෝ කීදෙනෙක් එක්ක යාළුවෙලා හිටියද?”

”උන්ට හොඳ නම් කෙල්ලො හතර පස් දෙනෙක් එක්ක ලව් කරලා කැමති කෙනා බැඳගන්න ඇයි අපිට විතරක් බැරි. ඒක වැඩක් නැහැ. කියපන් උඹ බැන්දද?”

”නැහැ බං.”

”ඇයි මෙච්චර පරක්කු.”

”මට බඳින්න වෙන්නේ නැහැ.”

”ඒ ඇයි.”

”අශේන් මට කරන්න ඕන දේවල් සේරම කළා. ආයි මට මිනිහෙක් ළඟට යන්න බැරි වෙන්න.”

”උඹට පිස්සුද. කවුද ඕවා ගණන් ගන්නේ. මම

ගැනියෙක් උනේ ඒ ලෙවල් කරනකොට. ඒත් බලපං මම කසාද බැඳලත් ඉන්නවා.”

”ඒ කොහොමද.? ඇයි දැන් කසාද බැඳපු කෙනාට උඹ ඇත්ත කීවද?”

”පිස්සුද බං කවුද ඒව කියන්නේ.”

”එහෙනම් කොහොමද උඹ…”

”නවත්තපං කතාව. මම දෙන්නම් ඩොක්ටර් කෙනෙක්ගේ නම්බර් එකක්. උඹට තියෙන්නේ කෝල් කරන්න විතරයි.”

”මට තේරෙන්නේ නැහැ උඹ කියන එක.”

”හිටපං මම සුද්ද සිංහලෙන්ම කියන්නම්.”

”ඇත්තටම උඹට එදා වගේම තවමත් පිස්සු. මොනව කියනවද කියල මට තේරෙන්නේ නැහැ.”

”කසාද බඳින්න බැරි අශේන් අතින් ගැහැනියක් වුණ නිසා නේ. උඹට ආයි කෙල්ලෙක් වෙන්නනේ ඕනේ. ඔය ඩොක්ටර්ට කතා කරපන්. උඹගේ ප‍්‍රශ්නය විසඳලා දෙයි.”

”ඇත්තම උඹ කියන්නේ.”

”ඔව් බං මටත් ඔය ප‍්‍රශ්නේ තිබුණා. මගේ යාළුවෙක් නම්බර් එක දුන්නෙ. ඒකිත් ඒ ඩොක්ටර් ගෙන්ම ඔය වැඬේ කරගෙන.”

”මේවා විශ්වාස ද බං.”

”ඇයි නැත්තේ. උදාහරණයකට මාව ගනින්. අපේ මිනිහා හනිමුන් එක දවසේ ලේ ටික දැකලා කිව්වේ ඔයා වගේ කෙල්ලෙක් ලබාගන්න

ගිය ආත්මේ මං ගොඩක් පින් කරලා කියලා.”

”ඔය ඇත්තම ද උඹ කියන්නේ මට විශ්වාස කරන්නත් බැහැ.”

”ඇත්ත තමයි අද හෙටම කතා කරපන්. වැඬේ කල් දාන්න එපා .”

සෙව්වන්දි පසුදිනම එම වෛද්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබාගෙන මෙලෙස පැවසුවා ය.

”ඩොක්ටර් චමත්ද?”

”ඔව් කතා කරනවා.”

”මට ඩොක්ටර්ට කියලා කරගන්න…”

ඇයට කීමට හැකි වූයේ එපමණයි.

”හරි මම දන්නවා වෙලා තියෙන දේ. හැබැයි මේ දවස්වල නම් බැහැ. සතියක් යනකම් බුකින්. ලබන සතියේ දිනයක් දෙන්නම් කැමති ද?”

”කැමතියි ඩොක්ටර් මම මොනවද කරන්න ඕනා.”

”ඔයා කරගන්න ඕන දේ කර ගේනනේ තියෙන්නෙ දැන්. ඒක මම තිබුණටත් වඩා හොඳට හදලා දෙන්නම්. ඒ විතරක් නොවේ තව ඕන දෙයක් ඔයා කියන්න මම කරලා දෙන්නම්. මම මේවා පුරුදු වෙන්න කරන ඒවා නොවේ. අවුරුදු ගාණක ඉඳන් ඉසේ කෙස් ගාණට විවිධ වයස්වල අයගේ මම නැතිවුණ පතිවත මම හදලා දීලා තියෙනවා.”

”එතකොට ඩොක්ටර් මම නවතින්න බලාගෙනද එන්න ඕනා.”

”නැහැ. පැය දෙකක වැඩක්. රුපියල් 75,000 ක් අරන් එන්න. එච්චරයි.”

වර්තමානයෙන් මෙරට තත්ත්වය එයයි. විශේෂයෙන්ම කොළඹ සහ ඉන් පිට ප‍්‍රදේශ රැසක වෛද්‍යවරුන් විසින් කැඞී බිඳීගිය කන්‍යා පටලය මුදල් මත නැවත සාදා දෙනු ලැබේ. මේ සඳහා දිනපතා විශාල තරුණියන් පිරිසක් පැමිණෙන බවද වාර්තා වේ.

මෙහි පැතිකඩවල් කිහිපයක් තිබේ. එය සිතීම ඔබට භාරයි. ඉන් එකක් පමණක් අපි මෙලෙස සඳහන් කරන්නෙමු. ”පිරිමින් අතින් කුමන හෝ හේතුවක් මත අසාධාරණයට ලක්වූ මුදල් ඇති කාන්තාවන්ට මෙය මහඟු අවස්ථාවකි.” මුදල් ඇති යැයි අප පැවසුවේ අඩුම තරමේ මෙම සැත්කම කිරීමට රුපියල් හැත්තෑ පන්දහසක්වත් වැය වන බැවිනි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment