කැණිමඬල දෙදරා සුපිපි වනපස මල්වල කතාව ‘වෛතාලේ’

458

චාරුක දිල්හාර අරනායකගේ පළමු ටෙලි නාට්‍යය දිගහැරුම ‘‘වෛතාලේ” අනුරාධපුර, ගල්ගමුව ප‍්‍රදේශ ආශ‍්‍රිතව මේ දිනවල රූගත කිරීම් සිදුවෙමින් පවතිනවා. ‘‘කැණිමඩල දෙදරා සුපිපි වනපස මල්” යන තේමාවෙන් මෙහි කථා ප‍්‍රස්තුතය නිර්මාණය වී ඇති අතර ඈත දුෂ්කර

ගම්මානවල ජීවත්වන ස්ත‍්‍රීන්ගේ ශාරීරික සහ මානසික ඛේදවාචකයන්ගේ අඳෝනාව විවිධ පැතිකඩ කිහිපයක් ඔස්සේ ගෙනහැර දැක්වීම ‘‘වෛතාලේ” ටෙලිනාට්‍යයේ අරමුණ වී ඇති බව මෙහි අධ්‍යක්ෂ චාරුක අරනායක පවසනවා.

කැණිමඬල දෙදරා සුපිපි වනපස මල්වල කතාව 'වෛතාලේ'

හිරිමල් යෞවනයේ කෝඩුකාර හැඟීමක් වන ආදරයට බුද්ධියෙන් තොරව හැඟීමට මුල්තැන දුන් මධ්‍යම පාන්තික රූමත් තරුණියක සිය ජීවිත අරගලයට මුහුණ දුන් ආකාරය මේ කථාව පුරා ගලා යයි. සැප සම්පත් ඇතිව පිරිමියාගේ නොසැලකිල්ලට ලක් වූ නූතන සමාජයේ සිටින දිරිය කාන්තා චරිත කිහිපයක් සමාජ ප‍්‍රස්තුතයන්ට පණපොවන ආකාරය ‘‘වෛතාලේ” ටෙලි සිතුවම තුළින් ඔබේ ආලින්දයට ගෙන ඒමට අධ්‍යක්ෂ චාරුක විසින් උත්සහ දරනු ලබයි.

කැණිමඬල දෙදරා සුපිපි වනපස මල්වල කතාව 'වෛතාලේ'

‘‘වෛතාලේ” සුනෙත් වර්ණසූරිය විසින් තිර රචනය කළ අතර තරංග කන්නංගර කලා අධ්‍යක්ෂණයෙන් ද, ෂාැ් උදරකා ත්‍සකප ඡුරදාමජඑසදබි වෙනුවෙන් මුදිත දිනේෂ් අපේ කාලේ සහ ප‍්‍රින්ස් මල්දෙණිය සම නිෂ්පාදනයෙන් ද, රවීන්ද්‍ර සමරනායක කැමරාකරණයෙන් ද හැඩ වූ ‘‘වෛතාලේ” හි දිලිණි ලක්මාලි, චානුක ප‍්‍රබුද්ධ, දමිතු ප‍්‍රනාන්දු (ළමානළු) ආනන්ද කුමාරඋන්නැහේ, නෙතලි නානායක්කාර, මල්කාන්ති ජයසිංහ, කසුනි කාවින්දි, නිම්මි මනෝහාරි, සංජය මුරමුදලි, ගාමිණි ජයරත්න ඇතුළු තවත් නළු නිළියන් රැසකගේ රංගන දායකත්වයෙන් ‘‘වෛතාලේ” හැඩවී ඇත.

ඕ.ටී. පාරමී

advertistmentadvertistment
advertistmentadvertistment