කැනඩවේ දරුණු කුණාටුවක් දහස් ගණනක් අනාථයි

399

බටහිර කැනඩාවේ පිහිටි බි‍්‍රටිෂ් කොලොම්බියා පළාතේ හටගත් දරුණු කුණාටුවක් හේතුවෙන් බලධාරීන් විසින් එම පළාත තුළ හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත්කර තිබේ.
 
ඉකුත් ඉරිදා රාත‍්‍රියේ හටගෙන ඇති මෙම කුණාටුවත් සමගම ඇති වූ ධාරාණිපාත වර්ෂාව, ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් බි‍්‍රටිෂ් කොලොම්බියා ප‍්‍රාන්තයේ එක් කාන්තාවක් මියගොස් තවත් දෙදෙනකු අතුරුදන් වී ඇති බව බලධාරීහු පවසති. මෙම විපත හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇති බව ඔවුහු කියා සිටිති. කුණාටුවත් සමගම අධිවේගී මාර්ගයක හටගත් නායයෑමකින් එම මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන 10ක් අතුරුදන්ව ඇත. කුණාටුවේ බලපෑමෙන් තවත් දහස් ගණනක් ඔවුන් සිටි ස්ථානවලම කොටු වී සිටින බව වාර්තා වී ඇති අතර ජල ගැලීම් හේතුවෙන් බි‍්‍රටිෂ් කොලොම්බියා පළාතේ මහා මාර්ග හා දුම්රිය මාර්ගද අවහිර වී තිබේ. කුණාටුවේ බලපෑමෙන් සිය නිවෙස්වල කොටු වී සිටින්නන් මුදාගැනීම සඳහා කැනේඩියානු හමුදා භටයන් යොදවා ගැනීමට රජය පියවර ගෙන තිබේ. මෙම කුණාටුවේ බලපෑම ඇති වී තිබෙන කලාපයේ බලධාරීන් පවසා ඇත්තේ දේශගුණික විපර්යාසයන් මෙම විපතට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment