කැනඩාවට විශිෂ්ට පාපන්දු ජයක්

147

වසර 36කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට කැනඩාව ඊයේ (28 වැනිදා) සමත් විය.

 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ යටතේ ජැමෙයිකාව සමග ඊයේ පැවැති තරගයේදී 4-0ක ජයග‍්‍රහණයක් ලබා ගෙන කැනඩාව මෙම දස්කම දැක්වීමට සමත් වූයේය.

 අවසන් වරට කැනඩාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් සඳහා සුදුසුකම් ලබා තිබුණේ වර්ෂ 1986 දී ය.

 මෙම ජයග‍්‍රහණයත් සමග කැනඩා පාපන්දු ලෝලීන් ඉමහත් ප‍්‍රීතියට පත් වූ බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment