කැනඩාවේ ඔටාවා අගනුවරට හදිසිනීතිය: කොරෝනා මර්දන නීතිරීතිවලට එරෙහිව ට‍්‍රක්රථ රියැදුරෝ විරෝධතාවයක්

353

8ක් අත්අඩංගුවට

කොරෝනා වසංගතයට එරෙහි පැන වූ සෞඛ්‍ය නීතිරීති වලට විරෝධය පා ට‍්‍රක්රථ රියැදුරන් ආරම්භ කළ උද්ඝෝෂණය මර්දනය කිරීම පිණිස ඔටාවා ප‍්‍රාන්ත රජය හදිසි නීතිය පනවා ඇත. පසුගිය දින නවය තුළ මුළු ඔටාවා නගරයම අරාජික වී තිබේ. රජයට එරෙහිව විරෝධතා කරුවෝ නාසි කොඩි ප‍්‍රදර්ශනය කරමින් කැනඩා රජය විසුරුවාහැරීම තම අරමුණ බවද කියා සිටී. ඔටාවා විරෝධතා නිසා වෙළෙඳසැල් රැුසක් වසාදමා ඇත.

වෙළෙඳසැල් හිමියන්ගෙන් 202ක් පැවසූවේ මෙම විරෝධතා නිසා තම ආදායම් අහිමි වී ඇති බවයි. මේ අතර විරෝධතාකරුවන් අටදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර 60කට අපරාධ චෝදනා එල්ල වී ඇත. මෙම විරෝධතාකරුවෝ අගමැති ජස්ටින් ටෘඩෝ තමන්ව මර්දනය කිරීමට ක‍්‍රියාකරන බවට චෝදනා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment