කැනඩාවේ තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙක් මරුට

196

කැනඩාවේ බි්‍රටිෂ් කොලොම්බියා පළාතේ තුවක්කුකරුවකු විසින් පෙරේදා (25දා) උදෑසන සතර දෙසට සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. බි්‍රටිෂ් කොලොම්බියා පළාතේ වැන්කුවර් නගරයට සැතපුම් 25ක් නැගෙනහිරින් පිහිටි ‘ලැන්ග්ලි’ නගරයේ නිවාස නොමැති පුද්ගලයන් ඉලක්ක කරගෙන සිදුකර ඇති මෙම වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරුද පොලිසිය විසින් වෙඩි තබා මරා දමා තිබේ.

 තුවක්කුකරු සිය ගිනි අවියෙන් ‘ලැන්ග්ලි’ නගරයේ පිහිටි ගොඩනැඟිලි හා අවට සිටි නිවාස නොමැති පුද්ගලයන් ඉලක්ක කරගෙන වෙඩි තබා ඇති බව අනාවරණය වී තිබේ. එම අවස්ථාවේ බොහෝ ගොඩනැඟිලි හිස්ව තිබීම හේතුවෙන් ඒවායේ කිසිවකුටත් හානි සිදුව නැත. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් හා පාදයකට තුවාල සිදු වූ පිරිමි පුද්ගලයකු ප්‍රතිකාර සඳහා ‘ලැන්ග්ලි’ අනුස්මරණ රෝහල වෙත ඇතුළත් කර තිබේ. මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු පොලිසිය විසින් හඳුනාගෙන ඇතත් මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment