කැනඩාවේ ස්වදේශික ජනතාවට පිහි ඇනුම් ප්‍රහාරය එල්ල කළ එක් ඝාතකයෙක් මරුට

505

කැනඩාවේ සස්කචුවාන් ප්‍රාන්තයේ පදිංචි පාරම්පරික ස්වදේශිකයන් 10 දෙනකුට මරු කැඳවමින් හා තවත් 18 දෙනකුට තුවාල සිදු කරමින් මාරාන්තික පිහි ඇණුම් ප්‍රහාරයක් එල්ල කර පලා ගිය සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුර එම ප්‍රාන්තයේම තිබී පොලිසිය විසින් ඊයේ (06දා) දිනයේ සොයා ගෙන තිබේ.

ඩේමියන් සැන්ඩර්සන් හා මයිල්ස් සැන්ඩර්සන් යන සහෝදරයන් දෙදෙනා විසින් ඉකුත් ඉරිදා දිනයේ සස්කචුවාන් ප්‍රාන්තයේ පිහිටි ජේම්ස් ස්මිත් ක්‍රීනේෂන් ප්‍රදේශයේදී අදාළ ස්වදේශිකයන් පිරිසට මාරාන්තික පිහි ඇණුම් ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබිණි.

අනතුරුව පොලිසිය විසින් සැකකාර සහෝදරයන් දෙදෙනා සොයා සස්කචුවාන්, මෑනිටොබා හා ඇල්බර්ටා යන ප්‍රාන්ත තුනෙහි දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබූ අතර එහිදී සැකකරුවන් දෙදෙනාගෙන් 31 හැවිරිදි ඩේමියන් ඇන්ඩර්සන් නමැත්තා අභිරහස් අන්දමින් මියගොස් සිටියදී ඔහුගේ මළ සිරුර ස්වදේශික ජනතාවට පිහි ඇණුම් ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයේ තිබී පොලිසිය විසින් මෙසේ සොයා ගෙන තිබේ. මිය ගිය අයගේ මළ සිරුර තණකොළ බිස්සක තිබී ඇති අතර ඔහු විසින් සිය දිවි නසාගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවත් මියගිය අයගේ සහෝදරයා වන මයිල්ස් සැන්ඩර්සන්ගෙන් ජනතාවට අනතුරක් විය හැකි නිසා ඔහුගෙන් ජනතාව තවදුරටත් ප්‍රවේසම් විය යුතු යුතු බව පොලිසිය විසින් නිවේදනය කර තිබේ. දැනට අතුරුදන්ව සිටින ඝාතකයා අවසන් වශයෙන් ගැවසෙනු දැක ඇත්තේ සස්කචුවාන් ප්‍රාන්තයේ අගනුවර වන රෙජිනා නගරයේ බව වාර්තා වී තිබේ. ස්වදේශික ජනතාවට එල්ල වූ පිහි ඇණුම් ප්‍රහාරය හා ඝාතකයන් දෙදෙනාගෙන් එක් අයෙකු හදිසියේ මිය යෑමේ සිද්ධීන්වලට මුල්ව ඇති හේතුන් මෙතෙක් අනාවරණය වී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment