කැනඩා ඡන්දයට මුල් වරට සිංහලයෙක් තරග කරයි

290

කැනඩා ෆෙඩරල් පාර්ලිමේන්තුවේ අසුනක් සඳහා තරග වැදීමට එරට වාසය කරන ශ‍්‍රී ලාංකිකයකු වන ධර්මසේන යකන්දාවල මහතාට අවස්ථාව හිමි වී තිබේ.

මෙය කැනඩා පාර්ලිමේන්තු ඉතිහාසයේ ශ‍්‍රී ලාංකීය සිංහල ජාතික අපේක්ෂකයකු මැතිවරණයට ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය වන අතර නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණු පක්ෂයෙන් ඔහුට මෙම අපේක්ෂකත්වය හිමිව තිබේ.

ඒ අනුව ලබන 20 වැනිදා ඡන්ද වීමසීම කරන කැනඩා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ධම්මික යකන්දාවල මහතා කැනඩාවේ අබට්ස් ෆොඞ් මැතිවරණ කොට්ඨාසය සඳහා තරග වැදීමට නියමිතය.

ධර්මසේන යකන්දාවල මහතා ශ‍්‍රී ලංකාවේ හිටපු දිසා විනිසුරුවරයකු වන අතර ඔහු නීති උපාධිය ලබා තිබෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙනි. පොලොන්නරුව චන්දන පොකුණ ග‍්‍රාමීය පාසලෙන් කනිෂ්ඨ අධ්‍යාපනය ලබා ඇති හෙතෙම ගිරිතලේගම මහ විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා තිබේ.

මීට පෙර කැනඩා ෆෙඩරල් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ශ‍්‍රී ලාංකේය දමිළ ජාතිකයකු වූ ජෙරි සංගරිට හැකියාව ලැබිණි. ඔහු ආනන්ද සංගරීගේ පුත‍්‍රයා වන්නේය.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment