කැනඩා ට‍්‍රක් රථ රියැදුරන්ගේ  විරෝධතාව මර්දන කිරීමට අසමත්වූ  ඔටාවා පොලිස් ප‍්‍රධානියා ඉල්ලා අස්වෙයි

324

කැනඩාවේ ඔටාවා පොලිස්පති පිටර් ස්ලෝලි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

 ට‍්‍රක් රථ රියැදුරන්ගේ විරෝධතාවය මර්දනය කිරීමට අසමත්වූ බවට ඔටාවා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු එල්ල කළ චෝදනාව නිසා ඔහු ධුරය හැරගොස් තිබේ. විරෝධතාකරුවන් මාර්ග බාධක ඇතිකරමින් දියත් කළ විරෝධතාවය නිසා ඔටාවා ජනතාවට දුෂ්කරතා රැුසකට මුහුණදීමට සිදුවී ඇත. මේ අතර අගමැති ජස්ටින් ටෲඩෝ ක‍්‍රියාත්මක කළ හදිසි නීති රෙගුලාසිවලට එරෙහිව සිවිල් සංවිධානවල විරෝධතා එල්ලවී තිබේ. එහෙත් කැනඩා අගමැතිවරයා හදිසි නීති රෙගුලාසි අස්කර ගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment