කැනඩා පාර්ලිමේන්තුව කොටි ගිලගනී

1008

● කැනඩා ගෝත්‍රික කාන්තාවන් 1000ක් සමූල ඝාතන යෝජනාව ඉවතට

● කොටි ත්‍රස්තයන්ව කැනඩා පාර්ලිමේන්තුව පිළිගනී

● කැනඩා තානාපති මැකෙන්සි පිටුවහල් කිරීමට රජය බිය වෙයි

කොටි සංවිධානය පරාජයකර වසර 13කට පසු කැනඩා පාර්ලිමේන්තුව කොටි ග්‍රහණයට නතු විය. ඒබව තහවුරු වූයේ අගමැති ජස්ටින් ටෘඩෝගේ දකුණු අතයයි හඳුන්වන ගැරි ආනන්දසංගරී නැමැති කොටි හිතවාදියා ඉදිරිපත් කළ ද්‍රවිඩ ජනසංහාර යෝජනාවට මුළු පාර්ලිමේන්තුවම ඡන්දය භාවිත කිරීමයි.

මේ යෝජනාව මියගිය ද්‍රවිඩ ජනතාව සැමරීමට නොව කොටි ත්‍රස්තයන් සැමරීමට ය. ලොව පාර්ලිමේන්තු අතරින් ත්‍රස්තවාදීන් සැමරීමේ යෝජනාවක් සම්මත කළ මුල්ම පාර්ලිමේන්තුව කැනඩා පාර්ලිමේන්තුවයි.

කැනඩා පාර්ලිමේන්තුව කොටි ගිලගනී

ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ජනතාව සංහාරය කළ බවට දක්වමින් ශ්‍රී ලංකාවට එරෙහිව එම යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර කැනඩාවේ ගෝත්‍රික කාන්තාවන් සංහාරය වී ඇති බව දක්වන යෝජනාවක් ද පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් වී තිබුණි. කැනඩා පොලිසියේ වාර්තාවක සඳහන් වූයේ දහසකට අධික ගෝත්‍රික කාන්තාවන් ඝාතනය වී ඇති බවයි.

එහෙත් එම යෝජනාවට අනුමැතිය හිමිනොවී ගැරී ආනන්ද සංගරීගේ දැඩි බලපෑම මත ශ්‍රී ලංකා විරෝධී යෝජනාව සම්මත විය.

කැනඩාව 2010 දී ශ්‍රී ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් ගෙනඒමට උත්සාහ කර තිබුණි. මේ සියලු ක්‍රියාදාමයන් පසුබිමේ 40000ක්වූ කොටිඩයස්පෝරාව විය.

2008 සහ 2009 දී කොටි අවසන් සටනේදී අරමුදල් එකතුකර යුද අවි මිලයට ගැනීමට ක්‍රියාකළේ කැනඩාව බව කැනඩා පොලිසියේ ඔපරේෂන් ක්‍රීබල් මෙහෙයුමින් අනාවරණය විය.

ප්‍රභාකරන් විසින් මිසයිල ලබාදෙන ලෙස කැනඩා කොටිඩයස්පෝරාවට එවූ ලිපිය ද කැනඩාවේ වර්ල්ඩ් ටැමිල් කොංග්‍රස් මූලස්ථානයේ තිබී හමුවිය. එසේම කැනඩා පොලිසිය එරට කොටි ත්‍රස්තයන් 8000කට අධික සංඛ්‍යාවක් සිටින බව ද සොයාගෙන තිබුණි.

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා කැනඩාව දායක වූ අයුරු මේ වනවිට හෙළිවී ඇත.

මේ ඊට නිදසුන්ය.

● කොටි නෞකා ජාලයේ ප්‍රධානි රවිශංකර් හෙවත් සංගිලිට කැනඩාවේ දේශපාලන රැකවරණ සැපයීම.

● සන්සි නැවේ සිටි කොටි හමුදා නායකයන් රැසක් ඇතුළු 452කට දේශපාලන රැකවරණ ලබාදීම

● අත්අඩංගුවේ සිටි සෙබළුන් 28 ක් ඝාතනය කිරීම සම්බන්ධ කොටි ත්‍රස්තයන් දෙදෙනාට එරෙහි යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර නොකර දේශපාලන රැකවරණ සැපයීම

● කොළඹ හා කටුනායක සහ වව්නියාවට බෝම්බ දැමූ කොටි නියමුවන් දෙදෙනා කැනඩාවේ පුහුණුව ලැබූවන් බව හෙළි වීම.

● වන්නියේදී හමුදාවට අසුවූ කැනඩා කොටි ක්‍රියාකාරීන් දෙදෙනා කැනඩා රජයේ ඉල්ලීම මත නිදහස් වීම.

● කැනඩාවෙන් එකතු කරන අරමුදල් ස්විට්සර්ලන්තයට යවා සිංගප්පූරුවේ අවි ජාවාරම්කරුවන්ගෙන් අවි ලබාගැනීමට උත්සාහ කිරීම.

මේ පසුබිම මැද කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත රජය ද්‍රවිඩ ජනසංහාර යෝජනාවක් සම්මත කරනු ලැබීය. මේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රාන්ත මන්ත්‍රී විජේ තනබාලසිංහම් නැමැති කොටි ක්‍රියාකාරියා යි.

මේ සිද්ධිය ශ්‍රී ලංකාවට වාර්තා වීමට පෙර ආරක්‍ෂක විශේෂාංගය විසින් හෙළිදරව් කරනු ලැබීමෙන් පසු එවකට කැනඩාවේ සිටි ශ්‍රී ලංකා තානාපති සහ ඔහුගේ සහචර කණ්ඩායම එම යෝජනාවට ආණ්ඩුකාරවරියගේ අනුමැතිය ලැබී නැතැයි කියමින් අප වෙත නිවේදනයක් එවනු ලැබීය. ඉන්පසු ජාඇල ප්‍රදේශයේ සිට වෙබ් අඩවියක් මෙහෙයවන්නකු අප අමතමින් එවැනි යෝජනාවක් සම්මත වී නැති බව කියමින් වහාම නිවැරදි කිරීමක් නොකළහොත් ඩොලර් ලක්‍ෂ ගණනක් වන්දි ගෙවීමට සිදුවන බවට තර්ජනය කළේය. එහෙත් ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය එම යෝජනාවට අනුමැතිය දුන්නාය. එම යෝජනාව අද වර්ධනය වී කැනඩා පාර්ලිමේන්තුව මුල්වරට ජනසංහාර යෝජනාව සම්මත කළේය. මේ නිසා කැනඩාවේ සිටින හිටපු තානාපතිගේ සහචරයෙක් සහ ජාඇල වෙබ් අඩවි මෙහෙයවන්නා ගොළු වී ඇත.

මේ අතර පසුගියදා කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකෙන්සිගේ ඉල්ලීම මත මා ඔහුගේ නිවසේදී හමුවූයෙමු.

කැනඩා සෙබළුන් යුද අපරාධ කිරීම ගැන චෝදනා එල්ල වී ඇති බව මා සෘජුව මහකොමසාරිස් මැකෙන්සිට පැවසූ විට ඔහු පැවසුවේ ඒවා චෝදනා බවයි.

කැනඩා පාර්ලිමේන්තුව කොටි ගිලගනී

එසේනම් කැනඩාවේ ගෝත්‍රික කාන්තාවන් 1000ක් ඝාතනය කිරීම සහ ප්‍රභාකරන්ගේ නෞකා ජාලයේ ප්‍රධානි රවි ශංකර් හෙවත් සංගිලිට දේශපාලන රැකවරණ ලබාදුන්නේ කෙසේද යන්න විමසූවිට ඔහුට කටඋත්තර නැතිවිය. මෙහිදී කැනඩා මහකොමසාරිස් මැකෙන්සි පැවසුවේ ඔහු මා අතර පැවැති සාකච්ඡාව නිල නොවන බවයි.

මේ තත්ත්වය මත හිටපු විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන කැනඩා මහකොමාරිස් මැකෙන්සි හමුවී ඔන්ටාරියෝ යෝජනාවට එරෙහිව දැඩි විරෝධය පෑවේය. එහිදී කැනඩා මහ කොමසාරිස් පැවසුවේ එය රජයේ යෝජනාවක් නොවන බවයි. එහෙත් අද එය රජයේ යෝජනාවක් බවට පත්වී ඇත.

එහෙත් කැනඩා රජය වසර ගණනාවක්ම කොටි ත්‍රස්තවාදය පෝෂණය කළේය. කොටි ත්‍රස්තයන්ට දේශපාලන රැතකවරණ සැපයී ය. අවි ආයුධ මිලයට ගැනීමට කොටි හිතවාදී සංවිධානවලට ඉඩදුන්නේය. බිම්බෝම්බ ඇටවූවන්ට සහ කළුකොටි ත්‍රස්තයන්ට ද දේශපාලන රැකවරණ දීමට ක්‍රියාකළේය.

කොටින්ට අරමුදල් එකතු කිරීමේ රාත්‍රී භෝජන සංග්‍රහවලට ද කැනඩා දේශපාලකයන් සහභාගි විය. මේ නිසා කැනඩා ආණ්ඩු ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ කිරීම ගැන වරදකරු විය.

එහෙත් ශ්‍රී ලංකාවේ කිසිදු ආණ්ඩුවක් කැනඩාවේ ත්‍රස්ත පෝෂණයට එරෙහිව විරෝධතා දැක්වීමට ක්‍රියාකළේ නැත. එසේම කැනඩා පාර්ලිමේන්තුව ජනසංහාර යෝජනාව සම්මත කිරීම ගැන විදේශ කටයුතු අමාත්‍යාංශය විහිළු සහගත නිවේදනයක් ප්‍රකාශයට පත්කළේය. ඒ වැනි යෝජනාවක් සම්මත කිරීම කනගාටුවට කරුණක් බවයි. එහෙත් මේ යෝජනාව ගෙන ආ ගැරී ආනන්ද සංගරීගේ අතීතය හෙළිකිරීමට ද ක්‍රියාකළේ නැත.

ශ්‍රී ලංකා රජය නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් විය.

ශ්‍රී ලංකාවේ සිදුවූ බවට සඳහන් වන දමිළ ජන සංහාරය සම්බන්ධයෙන් කැනේඩියානු පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් සම්මත කිරීම සහ මැයි 18 දමිළ ජන සංහාර සැමරුම් දිනය ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය කනගාටුව පළකර සිටියි. කැනේඩියානු රජයේ නිල ස්ථාවරය වන “ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවූ බවට කිසිවක් අනාවරණය වී නොමැත” යන්නට පටහැනිව, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජන සංහාරය පිළිබඳව එම පාර්ලිමේන්තු යෝජනාව තුළ අඩංගු කරන ලද සාවi චෝදනාව ශ්‍රී ලංකා රජය තරයේ ප්‍රතික්‍ෂේප කරයි.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා අතරතුර ගැටුම් පැවැති කලාපවල විසූ තම ජනතාව මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම ඇතුළුව ගැටුමේ අවසන් අදියරේ දී ශ්‍රී ලංකාවේ පැවැති සැබෑ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් කැනේඩියානු රජය ඉහළම මට්ටමින් දැනුම්වත් කරන ලද බව මෙහිදී සිහිපත් කළ යුතුය. වර්තමානය වනවිට යුද ගැටුම අවසන්ව වසර 13ක් ගතවී ඇති අතර, ශ්‍රී ලංකාව තම ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක්ද ලබා ඇත. එමෙන්ම එය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ පිළිබදව කැනේඩියානු රජය නිරන්තරයෙන් දැනුම්වත් කොට ඇත.

ජන සංහාරය යන යෙදුම සඳහා නිශ්චිත වූ නෛතික අර්ථ ඇති බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එහි කිසිදු අන්තර් රාජ්‍ය ආයතනයක් ශ්‍රී ලංකාවේ ගැටුම සම්බන්ධයෙන් එම යෙදුම කිසිවිටෙක භාවිත නොකළ බවත් ශ්‍රී ලංකා රජය යළිඳු අවධාරණය කර සිටියි. මෙම යෙදුම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස සහ වැරදි ලෙස යොදනු ලබන්නේ ශ්‍රී ලංකාවේ අභිලාෂයන්ට හිතකර නොවන, ඩයස්පෝරාවේ සිටින දේශපාලනික අරමුණු සහිත ශ්‍රී ලංකාවට විරෝධී සුළුතරයක් විසින් පමණක් බව සඳහන් කළ යුතුය.

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකික ජනතාව දැවැන්ත අභියෝගවලට මුහුණදෙන වාතාවරණයක් හමුවේ ජාත්‍යන්තර ප්‍රජාවගේ ඵලදායී මැදිහත්වීම අවශ්‍ය මෙවැනි අවස්ථාවක, කැනේඩියානු පාර්ලිමේන්තුව මෙවැනි නොමඟ යවන සුළුක්‍රියාමාර්ගයක් ගැනීම කනගාටුවට කරුණකි. කැනඩාව තුළ කොටි සංවිධානය තහනම්වූවත් එය නමට පමණක් ක්‍රියාත්මක විය. මෙරට කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකෙන්සි ඉවත් බවක් නැතිව අද මෙරට කටයුතුවලට මැදිහත් වේ.

ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයේ සහාය දීමට එරෙහිව ඔහු බංග්ලාදේශ තානාපති ද හමුවිය. එහෙත් වියනා සම්මුතිය උල්ලංඝනය කළ කැනඩා තානාපතිට එරෙහිව රජය පියවර ගත්තේ නැත.

කැනඩා පාර්ලිමේන්තුව කොටි ගිලගනී

මේ පසුබිම මැද යුද අපරාධ සිදුකළ කැනඩාව ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ හංවඩුව ගසා ඇත.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වර්ධනය කිරීම සඳහා අරමුදල් එකතු කිරීමට ඉඩදුන් හිටපු අගමැති හාෆර්ගේ රජය ද වරදකරුවේ.

එසේම ත්‍රස්තවාදීන්ට රැකවරණය සපයා ඇත. ටොරෙන්ටො නුවර කොටි ත්‍රස්තයන් විශාල සංඛ්‍යාවකට දේශපාලන රැකරවණ ලබාදී තිබේ.

ඔවුන් අතර කොටි හමුදා නායකයන් රැසක් ද වේ.

මෙවන් තත්ත්වයක් මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ද කැනඩාව යුද අපරාධ කළ බවට යෝජනාවක් සම්මත කළ හැකිය.

ඒ සඳහා හොඳම නිදසුන මෙයයි.

හිටපු කැනඩා ආරක්‍ෂක ඇමැතිවරයා යුද අපරාධ චෝදනා එල්ලවූ විශේෂ බළකා රෙජිමේන්තුව විසුරුවා හැරියේය.

ඩේවිඩ් කොලොන්ගොට් 1993 දී පැවසුවේ සෝමාලියාවේදී 16 හැවිරිදි දරුවකු මරා දැමීම ගැන එරට කැනඩා ගුවන්යාන රෙජිමේන්තුව විසුරුවා හැරීමට තමා ක්‍රියාකළ බවයි.

එසේම කැනඩාවේ තවත් හිටපු මන්ත්‍රීවරයෙක් පැවසුවේ කැනඩාවේ යුද අපරාධකරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙනයා යුතු බවයි.

එහෙත් කැනඩා රජය යුද අපරාධ කළ සෙබළුන්ට එරෙහිව කිසිදු පියවරක් ගත්තේ නැත.

මේ හැර ගෝත්‍රික කාන්තාවන් විශාල පිරිසක් ඝාතනය විය. සාක්කිකරුවන් 2300කට අධික පිරිසක් සාක්‍ෂි දුන්හ.

මෙය ගෝත්‍රික ජනසංහාරයකි.

මේ පිරිස අතර කොන්සර්වේටිව් නායක කැන්සිස්වර් නිව් ඩිමෝක්‍රටික් පක්‍ෂ නායක විශ්මිට් සිං, නියෝජ්‍ය අගමැති ක්‍රිස්ටින් ප්‍රිලන්ඩ්, ඔන්ටාරියෝ ඩිමොක්‍රටික් නායක ඇන්ඩි්‍රයා හෝර්ඩන්, ෂෙර්ඩුඩ් මන්ත්‍රී ගැනට් ජිනිසස් ඇජැක්ස් මන්ත්‍රී මාර්ක් හොලන්ඩ් නගරාධිපති පැට්රික් බ්‍රවුන් මන්ත්‍රිනී විවියන් ලැපෝයින් ද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment