කැනඩා භටයන් සිදුකළ යුද අපරාධ නිසා හිටපු ආරක්ෂක ඇමැති ගුවන්ගත බළකාය අහෝසි කළ බව හෙළිවෙයි

521

සෝමාලියාව තුළදී කැනඩා හමුදාව සිදුකළ යුද අපරාධ නිසා එරට විශේෂ බළකා රෙජිමේන්තුව කැනඩාවේ හිටපු ආරක්ෂක ඇමැති ඩේවිඩ් කොල්නෙට්ටේ විසින් විසුරුවාහැරීමේ සිද්ධිය කැනඩා රජය වසන්කර තිබූ බව අනාවරණය වේ.

මෙලෙස විසුරුවාහැර ඇත්තේ කැනඩා ගුවන්ගත රෙජිමේන්තුවයි. එම රෙජිමේන්තුවට අයත් පැරෂුට් බළකායන් තුනක්ද වෙතත් බළකායන් වෙත මාරුකර ඇත. කැනඩා සෙබළුන් අපරාධ සිදුකරන අයුරු දැක්වෙන ඡායාරූපද ගෙන තිබූ බව ඒ ගැන සිදුකළ පරීක්‍ෂණවලදී හෙළිවී තිබුණි.

කැනඩා භටයන් 16 හැවිරිදි සෝමාලි දරුවකුට වධ හිංසා පමුණුවා ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ ෂිඩානේ ආරොන් නමැති දරුවෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment