කැන්ගරුවෝ දෙදෙනා දිල්ලි දිනවති

186

ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාෂ් දෙදෙනා ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පෙරේදා (11 දා) පැවැති අයිපීඑල් තරගයේදී හැකි විය.

පන්දු 62කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක් සිය ඉනිමට එක් කර ගත් මිචෙල් මාෂ් ලකුණු 89ක් ලබා ගත් අතර ඩේවිඩ් වෝනර් පන්දු 41කදී නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 160ක් ලබා ගත් අතර එම ඉලක්කය දිල්ලි කණ්ඩායම පන්දුවාර 18 යි එක් පන්දුවක් තුළදී කඩුලු දෙකක් පමණක් දැවී ඉක්මවා යෑමට සමත් විය. රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් රවිචන්ද්‍රන් අශ්වින් ගේ කඩුල්ල ලකුණු 50දී දවා ගත් මාෂ් වෝනර් සුසංයෝගයේ මිචෙල් මාෂ් තරගයේ වීරයා බවටද පත්විය. දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ඇන්රිච් නොකියා, මිචෙල් මාෂ් සහ සකාරියා කඩුලු දෙක බැගින් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment