කැන්ඩොස් චොක්ලට් අලෙවිසලක් කළුතරට

140

සිලෝන් චොක්ලට් සමාගම මගින් නිෂ්පාදිත කැන්ඩොස් චොකලට් හා අතින් සකසන ලද (Hand made) චොක්ලට්වල රස විඳීමට පාරිභෝගික ජනතාවට තවත් අවස්ථාවක් උදාකරමින් කළුතර, වෙට්ටුමකඩ, ගාලූ පාරේ, අංක 06 දරණ ස්ථානයේ පිහිටි 11 වැනි කැන්ඩොස් චොක්ලට් අලෙවි සල පසුගිය බදාදා (17) පෙරවරුවේ විවෘත විය.

කොවිඞ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් මෙම විවෘත කිරීමේ අවස්ථාව සිදු වූ අතර සීමාසහිත උපාලි සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරි පී.කේ.ඞී.එස්. සමන්ත මහතා අතින් පීත්ත පටියක් කපා, පොල් තෙල් ප‍්‍රදීපයේ මුල්ම තිරකඩ දල්වා මෙම විවෘත කිරීමේ අවස්ථාව සනිටුහන් කළ අතර, මෙම අවස්ථාවට සිලෝන් චොකලට් ලිමිටඞ් සාමාන්‍යාධිකාරි (අලෙවි) ඉන්දික රණසිංහ, සිලෝන් චොක්ලට් ලිමිටඞ් සාමාන්‍යාධිකාරි (වෙළෙඳ) ඒ. එස්. එම්. ෂාෆීර් යන මහත්වරු ද එක්වූහ.

සටහන හා ඡායාරූප – ජූඞ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment