කැනේඩියානු ජාතික දිනය අදයි

113

කැනඩාව ශ්‍රී ලංකාවේ දුෂ්කර කාලවලදී හැමවිට ම මෙරට සහයෝගය ලබාදී ඇති බවත් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබාදෙන ගෝලීය පාරිසරික පහසුකම් සහ හරිත දේශගුණික අරමුදල සඳහා අපි අඛණ්ඩව දායක වන්නෙමු යැයි ජූලි 1 වැනි දිනට යෙදෙන කැනේඩියානු ජාතික දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා පවසයි.

එම පණිවුඩයේ මෙසේද දැක්වේ.

ශ්‍රී ලංකාව තුළ මෙම බාහිර කම්පන නිසා ආර්ථික අර්බුදය උග්‍රවී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් දිනපතා විඳදරා ගන්නා දුෂ්කරතා කම්පා කරවන සුළුය. කොවිඩ් වසංගත සමයේදී සහ ඊට පෙර වසර 70කට ආසන්න කාලයක් මෙන් කැනේඩියානුවන් මෙම දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව අත්‍යවශ්‍ය ඖෂධ සහ සැපයුම් ලබාගැනීම සඳහා අපි අරමුදල් සපයන්නෙමු. ජාතික පාසල් ආහාර වැඩසටහන සඳහා කඩිනමින් අවශ්‍ය සහල් තොග මිලදී ගැනීමට කැනඩාව ලෝක ආහාර වැඩසටහන සමග එක්ව කටයුතු කරයි. අර්බුදය උග්‍රවනවිට එක්සත් ජාතීන්ගේ සහ ජාත්‍යන්තර රතු කුරුස/රතු අඩසඳ සංගම් සම්මේලනයේ මෑතකාලීන ක්‍ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා හොඳම ප්‍රතිචාර දැක්විය හැක්කේ කෙසේදැයි අපි අධ්‍යයනය කරමින් සිටිමු.

මෙම අභියෝගාත්මක කාලය තුළ ශ්‍රී ලාංකිකයන් සහ එහි දක්‍ෂ පුද්ගලයන්ගේ අතිවිශාල හැකියාවන් උපයෝගී කරගනිමින් වඩාත් ස්ථාවර සමෘද්ධිමත් සහ සියල්ලන් ඇතුළත් සමාජයක් ගොඩනැඟීමේ අවස්ථාවක් බවට පත් කිරීමට බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ ඇති ආශාව මම අගය කරමින් ඊට වෙනස්වූ තත්ත්වයන් තුළ වුවද, කැනඩාවේ වෙසෙන අප ද උත්සාහ දරමින් සිටින්නේ සාම්ප්‍රදායික ලෙස ආදීවාසී ජනතාවට සිදුවූ අකටයුතුකම් පිළිගනිමින් සහ ඒවා අවසන් කිරීමට කටයුතු කරමින් හා ඔවුන් සමග සංහිඳියාව වැඩි දියුණු කර ගනිමින් සියලු දෙනාහට වඩාත් යහපත් අනාගතයක් ගොඩනැඟීමටයි.

advertistmentadvertistment
advertistmentadvertistment