කැපවීමට වටිනාකමක් දෙන වටපිටාවක් නැහැ…

246

අද රංගවේදිනියක්
 කතාබහ- – ප‍්‍රාර්ථනා සමාධි

 * පාසල් කාලය

 මගේ ගම කිරිල්ලවල. සාමාන්‍ය පෙළ දක්වා පාසල් ගියේ ගෝතමී කණිෂ්ඨ විද්‍යාලයට. ඉන් පසු උසස් පෙළ හදාරන්න ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. එතනදි චින්තා ප‍්‍රියදර්ශනී සහ තරිඳු රණේපුර යන ගුරු මහත්ම මහත්මීන්ගේ

 මගපෙන්වීම යටතේ පාසල් නාට්‍ය තරඟාවලියකට ‘හය දෙනෙක් තරහින්. නාට්‍ය අපි ඉදිරිපත් කළා. මේ නාට්‍ය” තේමා වශයෙන් සීමා නොවූ අංශයෙන් සමස්ත ලංකා හොඳම නාට්‍ය බවට පත් වුණා.

 * ප‍්‍රසිද්ධ වේදිකාවට

 මම ප‍්‍රසිද්ධ වේදිකාවට එන්නෙ 2013 අවුරුද්දෙ. ඒ ලූෂන් බුලත්සිංහල මහත්මයාගේ ‘තාරාවෝ ඉගිලෙති. නාට්‍ය හරහා. ඉන් පස්සෙ 2015 වර්ෂයේදී ප‍්‍රියංකර රත්නායක මහත්මයාගේ ‘පේ‍්‍රමවන්ත කුමාරයෝ සහ විසේකාරියෝ.” විජිත් නුවන් මහත්මයාගේ ‘සිල්ගත් බිල්ලෝ. යන නාට්‍ය වලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනව. ඒ වගේම අමල් බිසෝ” පස්චත්තාප” අවසන් විසඳුම වැනි කෙටි නාට්‍යවලටත් මගේ රංගන දායකත්වය ලබා දෙනවා.

 * පියවරක් ඉදිරියට

 මුල් වතාවෙන්ම විශ්වවිද්‍යාලයට යන්න මට අවස්ථාව උදා වෙන්නෙ නැහැ. ඒ නිසා 2014 වර්ෂයේදී මම ජාතික තරුණ සේවා සභාවට ඇතුළත් වෙලා නාට්‍ය හා රංග කලාව උසස් ඩිප්ලෝමාව හදාරනව.

කැපවීමට වටිනාකමක් දෙන වටපිටාවක් නැහැ...



 * වැඩිදුර අධ්‍යාපනය

 එතනින් පස්සෙ මහේන්ද්‍ර පෙරේරා මහත්මයා සහ සෝමලතා සුබසිංහ මහත්මිය යටතේ රංගනය ගැන වැඩිදුරටත් හදාරන්න යොමු වෙනව. මගේ සිහිනය වෙන්නෙ ගුරුවරියක් වීම. ඒ අරමුණින් උපාධිය ලබාගැනීම සඳහා 2017 වර්ෂයේදී ටවර්හෝල් රංගන පාසලට ඇතුළත් වෙනව. අද වන විට මම විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධිය සඳහා ඉගෙනීම් කටයුතු කරනවා.

 * ගුරුහරුකම්

 ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව විෂය භාර චින්තා ප‍්‍රියදර්ශනී ගුරුතුමිය” තරිඳු රණේපුර” පිංසර සමරසේකර” ප‍්‍රසන්න මහගමගේ” මහේන්ද්‍ර පෙරේරා” කෞෂල්‍යා ප‍්‍රනාන්දු” චමිල ප‍්‍රියංක” සම්පත් පෙරේරා” දේවින්ද වික‍්‍රමසිංහ” ජයම්පති ගුරුගේ යන මහත්ම මහත්මීන්ගෙන් මම බොහෝ ගුරුහරුකම් ලැබුවා. ඒ වගේම මාව විශ්වාස කරමින් අදටත් මං වෙනුවෙන් කැපවෙන මගේ අම්මා සහ තාත්තා තමයි මගේ ජීවිතයේ ලොකුම ශක්තිය.

 * වෘත්තිය

 කලාව වෘත්තියක් විදිහට කරන්න පුළුවන් ගෞරවණීය රැුකියාවක්. නමුත් ලංකාවේ ඒ වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් නැහැ. නාට්‍යකරුවො කලාව කරන්නෙ ලාභයක් අපේක්‍ෂාවෙන් නොවෙයි. අවසානයේ ඔවුන්ට අතින් වියදම් කරන්න වෙනව. නැත්නම් ණය වෙන්න වෙනව. මේ මොන දෙයක් වුණත් ඔවුන් කලාව වෙනුවෙන් කැපවෙනව. අවාසනාවට ඒ කැපවීමට වටිනාකමක් දෙන්න පුළුවන් වටපිටාවක් අපේ රටේ ගොඩනැගිල නැහැ.

 * බලාපොරොත්තුව

 මේ ක්‍ෂේත‍්‍රය ගැන නිසි අවබෝධයක් තියෙන පිරිසක් බිහි කරන්න මට ලොකු ආසාවක් තියෙනවා. ඒ වෙනුවෙනුයි මම ගුරුවරියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. නමුත් කිසිම කෙනෙක්ව බලෙන් නළුවෙක් හෝ නිළියක් කරන්නවත් රචකයෙක්” අධ්‍යක්‍ෂවරයෙක් කරන්නවත් මට අවශ්‍ය නැහැ. ඒක ඒ ඒ අයගෙ කැමැත්්ත. නමුත් අඩුම තරමින් මනුස්සයෙක්ව බිහි කරන්න කලාවට පුළුවන් කියල මම දන්නව.

කැපවීමට වටිනාකමක් දෙන වටපිටාවක් නැහැ...



 * පැමිණි මඟ

 මම හිමින් ගමනක් යන්න කැමති කෙනෙක්. ඒ නිසාවෙන් වසර දොළහක පමණ කාලයක් පුරා පැමිණි ගමන දුර මදි බවක් මට කවදාවත් හිතිලා නැහැ.

 * කලකිරීම

 වේදිකාව කියන්නෙ මුදල් උපයන තැනක් නොවෙයි. නමුත් ඕනෑම කෙනෙකුට මුදල් අවශ්‍යතා මතු වෙන්න පුළුවන්. මටත් එවැනි අවස්ථා උදා වුණ මොහොතක කලාව අතහැරල වෙනත් රැුකියාවක් හොයාගෙන යන්න තරම් කලකිරුණ අවස්ථා තියෙනව. ඒ වෙලාවට මට මතක් වෙන්නෙ මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ වචනයක්… ‘විෂයට ආදරය කරන්න. විෂය ඔබ රකිනවා.. මේ කතාව ඇත්තක් බවට පත්වෙමින් කලකිරුණ හැම මොහොතකම ඊට වඩා හොඳ දෙයක් මට ලැබුණා.

 * ඔයැ ්ටරුැපැබඑ

 ටවර්හෝල් රංග කලා පාසලේ අවසන් ප‍්‍රායෝගික පරීක්‍ෂණය කේන්ද්‍රකරගෙන නිර්මාණය කළ නාට්‍යයක් තමයි ඔයැ ්ටරුැපැබඑ කියන්නෙ. පිටපත කෝකිල අභයධීරගෙ. අධ්‍යක්‍ෂණය හර්ෂණී විජේරත්න. රංගාලෝකකරණය රංග කාරියවසම්. පසුතල නිර්මාණය අනුරුද්ධ රාජපක්‍ෂ සහ රංග. සංගීතය දිනූෂ ප‍්‍රියශාන්ත. අංග රචනය වරුණි. වේදිකා පරිපාලනය ලසිත ගනේවත්ත. 2021 වර්ෂයේදී අපි මේ නාට්‍ය වේදිකාවෙන් මහපොළොවට නාට්‍ය උළෙලට ඉදිරිපත් කළා. එහිදී හොඳම නිෂ්පාදනයට හිමි සම්මානය දිනාගැනීමට හැකියාව ලැබුණා. ඉන්පස්සෙ 2020 වසරේ යෞවන නාට්‍ය උළෙලේ උත්සවය පවත්වන්නෙ පසුගිය නොවැම්බර් මාසයේ 26 වැනිදා. එතනදි තමයි හොඳම නිළිය සම්මානය මට හිමි වෙන්නෙ.

 * සම්මානයක වරුණ

 සම්මානයක් කියන්නෙ කෙනකුට ලැබෙන අගැයීමක් වගේම උත්තේජනයක්. අපේ කෙනෙක් සම්මානයක් ලබාගන්නව ටීවී එකේ දකින අපිට ඒ සතුට දැනෙනව. හොඳම නිළිය සම්මානය මට ලැබෙන්නෙ ඒ මොහොතේ විනිශ්චය මණ්ඩලයට දැනෙන රංගනයක් කළ නිසා. ඒකෙන් කියන්නෙ නැහැ මමයි හොඳම කෙනා” මට වඩා කෙනෙක් නැහැ කියල. කොහොම වුණත් ලැබුණ සම්මානය ගැන නිහතමානීව සතුටු වෙනවා. මෙතනදි විශේෂයෙන්ම තරිඳු දේවතන්ත‍්‍රිව මතක්කරන්න ඕනා. ඔහු තමයි කෙටි නාට්‍ය අංශයේ හොඳම නළුවා වුණේ. මගේ චරිතය සාර්ථක කරගන්න තරිඳුගෙන් ලැබුණේ ලොකු සහයෝගයක්.

 * ගැටලූවක්

 කොළඹ අවට නාට්‍ය ප්‍රෙක්‍ෂකයන් දෙදහසක් තුන්දහසක් ඇති. පේරාදෙණිය වළේ පිරිසක් ඉන්නවා. නමුත් කොළඹින් පිට ප‍්‍රදේශවල පේ‍්‍රක්‍ෂකයො පිරිසක් හැදිල නැහැ. කොළඹ නාට්‍ය ගමට ගෙනියන්න ඒ ප‍්‍රදේශවල පහසුකම් නැහැ. සම්මාන උළෙලවලින් ජයග‍්‍රහණය කරන නාට්‍යයකටවත් එතැනින්් ඉදිරියට යන්න වැඩපිළිවෙළක් නැහැ. ඒ නාට්‍යයක් රටපුරා ගෙනියන්න පහසුකම් ලැබෙනවා නම් සම්මානයක් ලැබුණාට වඩා සතුටක් නාට්‍යකරුවන් අත්විඳිනව. මේවා රාජ්‍ය අනුග‍්‍රහයක් නැතිව කලාකරුවන්ට පමණක් කරන්න බැහැ. බර්ටෝල් බ්‍රෙෂ්ට් කියනව නිර්මාණයක් හරහා ආනන්දයෙන් ප‍්‍රඥාවට යනව කියල. පේ‍්‍රක්‍ෂකයා නිර්මාණයක් හරහා යථාර්ථය දකින බවයි මෙයින් අදහස් වෙන්නෙ. එතකොට ඔවුන් යම් යම් දේවල් ගැන ප‍්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඇත්තටම අපිට අද හිතෙනව මේකද මේ නොසැලකිල්ලට හේතුව කියල.


 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment