කැප්පෙටිපොල පරපුරේ මී මිණිබිරියක වූ චිත්‍රා කුමාරිහාමි අභාවප්‍රාප්ත වෙයි

221

වීර කැප්පෙටිපොල පරපුරේ මී මිණිබිරියක වූ බුලත්වත්ත වලව්ව සමඟි මාවත මානෙළුව, පුටුහපුව ලිපිනයේ පදිංචිව සිටි මොණරවිල කැප්පෙටිපොල බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ චිත්‍රා කුමාරිහාමි මොණරවිල කැප්පෙටිපොල මාතාව අභාවප්‍රාප්ත වූවාය.

යුද හමුදා බුද්ධි බළකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රභාත් බුලත්වත්ත, බුද්ධික බණ්ඩාර බුලත්වත්ත, ප්‍රභාත් ශ්‍රී පරාක්‍රම බණ්ඩාර බුලත්වත්ත, දමයන්ති කුමාරිහාමි බුලත්වත්ත, අනුරුද්ධිකා කුමාරිහාමි බුලත්වත්ත, මන්ත්‍රිනි කුමාරිහාමි බුලත්වත්ත යන දූදරුවන්ගේ මෑණියන් වූ චිත්‍රා කුමාරිහාමි මාතාව, ඩග්ලස් කැප්පෙටිපොල, ස්වර්ණා කැප්පෙටිපොල, විශාඛා කැප්පෙටිපොල, ඇන්ටන් කැප්පෙටිපොල සහ චන්ද්‍රිකා කැප්පෙටිපොල යන සොයුරු සොයුරියන්ගේ සහෝදරියක ද වේ.

චිත්‍රා කුමාරිහාමි මොණරවිල කැප්පෙටිපොල මාතාවගේ දේහය අවසන් ගෞරව සඳහා තෙල්දෙණිය, අනිලකැලේ, වැව පාර පිහිටි අංක 10 නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු 23 වැනිදා (බ්‍රහස්පතින්දා) පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment