කැපිටල් ප‍්‍රහාරයේ ලේඛන නොදෙන්න ට‍්‍රම්ප් කළ ඉල්ලීම උසාවියෙන් ඉවත දමයි

197

ජනවාරි 06 කැරැුල්ල පිළිබඳ රහසිගත ලේඛන එරට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදීම වළක්වන ලෙස ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ඉකුත් 08 වැනිදා එරට ඞී. සී. අධිකරණයෙන් කළ ඉල්ලීම් විනිසුරු ටාන්යා චුට්කාන් මහත්මිය විසින් පෙරේදා (09 දා) ප‍්‍රතික්ෂේප කරන ලදී. 04- පිටුවට

 සිය තීන්දුව ප‍්‍රකාශ කරමින් විනිසුරුවරිය පැවසුවේ හෙට (12 දා) ආරම්භ වන එක්සත් ජනපද මන්දිරයට ජනවාරි 06 දා එක්සත් ජනපද කැපිටල් ප‍්‍රහාරයට පෙර සහ ඊට ආසන්න කාලය දක්වා වූ ට‍්‍රම්ප්ගේ ජනාධිපති ධුරයෙහි ලිපි ලේඛන පිටු සිය ගණනක් ලබාදෙන බවය.

 ට‍්‍රම්ප්ගේ සියලූ නීති තර්ක ප‍්‍රතික්ෂේප කළ විනිසුරුවරියගේ මෙම තීන්දුව හිටපු ජනාධිපතිවරයකුගේ බලය පිළිබඳ ඓතිහාසික නඩුවක් බව වාර්තා වේ.

 විනිසුරුවරියගේ මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කරන බව ට‍්‍රම්ප් පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment