කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජමහේන්ද්‍රන් අභාවප‍්‍රාප්ත වෙයි

994

සිරස, ශක්ති මාධ්‍ය ජාලය හිමි කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා ඊයේ අලූයම අභාවප‍්‍රාප්ත විය.

අසනීප වී කොළඹ පෞද්ගලික රෝහලක ඒ මහතා ප‍්‍රතිකාර ලබමින් සිටියේය.

මියයන විට 79 වැනි වියේ පසුවූ හෙතෙම බොහෝ දෙනකු හැඳින්වූයේ ‘කිලී මහරාජා’’ ලෙසය.

ප‍්‍රකට ව්‍යාපාරිකයකු වූ ඒ මහතාගේ කැපිටල් මහරාජා ව්‍යාපාර සමූහයකට ජනමාධ්‍ය, ප්ලාස්ටික් ඇසුරුම්, පාරිභෝගික නිෂ්පාදන, තේ, විනෝදාස්වාද සන්නිවේදන තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රයන්හි පැතිර ගිය උප සමාගම් රැුසක් වේ.

කැපිටල් මහරාජා සංවිධානයේ ඉතිහාසය 1938 දක්වා දිවයයි. මෙය නිල වශයෙන් ස්ථාපනය වී ඇත්තේ 1967 දීය. ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ පියා වන්නේ සින්නතම්බි රාජන්ද්‍රම් මහතාය. ඊයේ සවස ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරිණි.

ඊයේ සවස ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරිණි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment