කැපිලි කෙටිලි මැද්දේ පාරදිගේ යන නිත්‍යා

1086

ඔය කටකතාව හින්දා වටිනා අවස්ථා නැතිවුණා
 
 
 ඇය අපට මේ දිනවල මුණ ගැසෙන්නේ හන්දියේ ටෙලි නිර්මාණය හරහායි. මුතුලන්දොර ටෙලි නාට්‍යයෙන් රංගනයට අවතීර්ණය වුණ ඇය නමින් නිත්‍යා දේවින්දිය. කැපිලි කෙටිලි මැද ඇය පාර දිගේ යන හැටි අපිට කිව්වේ මෙහෙමයි.
 
 * නිත්‍යා දේවින්දිට පාරදිගේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද?
 
 පාරදිගේ මගේ හතරවැනි ටෙලි නාට්‍යය. මාව මේ නාට්‍යයට තෝරාගෙන මට කතාකළේ චාමර සමරවික‍්‍රම, ශිවගුරුනාදන් අධ්‍යක්‍ෂවරයා වගේම පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර යන මහත්වරු. මගේ මොකක්දෝ වාසනාවකට ඔවුන්ට මාව මේ චරිතයට පෙනිලා තියෙනවා.

කැපිලි කෙටිලි මැද්දේ පාරදිගේ යන නිත්‍යා

* රුවිනි ගැන කට්ටිය මොනවද කියන්නේ?
 
 දැනට තියෙන ප‍්‍රතිචාර නම් හොඳයි. මම රෙහාන් අලූවිහාරේගේ. රුවනි අලූවිහාරේ අයියා ටිකක් තද චරිතයක්. ඒ වගේම හැම දෙයක් ගැනම හොඳට හිතල බලලා වැඩකරන චරිතයක්. මම ඉතිං අයියාට මගේ යාළුවෙක්ව හරි කසාද බන්ඳලා දෙන්නයි හදන්නේ.
 
 * රංගනය වෘත්තියක් විදිහට කරන්න අදහසක් තියෙනවාද?
 
 දැනට නම් මම වෙන වෘත්තියක් කරන්නේ නැහැ. මම රඟපෑම විතරයි කරන්නේ. පොඩි කාලේ ඉඳන් තිබුණ ආසාවට තමයි මම රංගනයේ යෙදෙන්නේ. වෙන වෘත්තියක් කරන්නේ නැති හින්ද රංගනයට තමයි මේ දවස්වල මූලිකත්වය දීලා තියෙන්නේ.
 
 * රංගනයට එන්න ලැබුණේ කොහොමද?
 
 2019 වසරේ දෙරණ අවරුදු කුමරා සහ කුමරිය තරගාවලියේදී අවසන් 12 දෙනා අතරට තේරෙනවා. ඊට පස්සේ තමයි මම රංගනයට එන්නේ.

කැපිලි කෙටිලි මැද්දේ පාරදිගේ යන නිත්‍යා

* මෙතෙක් ඔබ රඟපෑ ටෙලිනාට්‍ය ගැන කතා කළොත්?
 
 මගේ පළමු රංගනය මුතුලන්දෙන් ටෙලි නාට්‍යය. ඊට පස්සේ මම ටෙලි නාට්‍ය දෙකකට රංගනයෙන් දායක වෙනවා. එකක් නම්බර් නයින්, අනික රේස්. මේ නාට්‍ය දෙකම තවම විකාශනය වුණේ නැහැ. ඔය අතරේ තමයි පාර දිගේ ටෙලි නාට්‍ය මට ලැබෙන්නේ.
 
 * සිනමාවට ආරාධනා ලැබිලා නැතිද?
 
 දැනට නම් සිනමාවට ආරාධනා ලැබිලා නැහැ.
 
 * රංගන ක්‍ෂේත‍්‍රය ගැන මොකද හිතන්නේ?

කැපිලි කෙටිලි මැද්දේ පාරදිගේ යන නිත්‍යා

හොඳයි. හැමෝටම මෙතැනට එන්න බැහැ. ආවත් රැුඳෙන්න අමාරුයි. ඉතිං ඒකට ලොකු ඉවසීමක් හා කැප කිරීමක් අවශ්‍යයි. රංගන ක්‍ෂේත‍්‍රය කියන්නේ අනෙක් රැුකියා ක්‍ෂේත‍්‍ර එක්ක බැලූවහම හරි ලස්සන තැනක්. වාසනාවකට තමයි මේ ක්‍ෂේත‍්‍රය කෙනෙකුට ලැබෙන්නේ. ඉතිං මම හිතනවා හරි වාසනාවන්තයි කියලා.
 
 * නවකයෙක් හින්දා කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවාද?
 
 ඔව්… ඔව්… අනිවාර්යයෙන්ම. ඕනෑම ක්‍ෂේත‍්‍රයක කැපිලි කෙටිලි තියෙනවා. රංගන ක්‍ෂේත‍්‍රයෙත්් කැපිලි කෙටිලි තියෙනවා. මම ඒවාට මුහුණ දීලා තියෙනවා. ඒවාට මුහුණ දීලා හිණිපෙත්තටම ගිහින් ඉන්න වෙලාවක තමයි මට පාර දිගේ ටෙලි නාට්‍ය හම්බවෙන්නේ. ඒක නිසා ඒ නිර්මාණයට මගේ උපරිම දායකත්වය ලබාදෙනවා. කැපිලි කෙටිලිවලට ඔය දෙකම ඉස්සරහට යන්න හිත ශක්තිමත් නම් මේ ක්‍ෂේත‍්‍රයේ ලොකු දුරක් යන එක එතරම් අමාරු නැහැ.
 
 * ක්‍ෂේත‍්‍රය ගැන කලකිරීම් තියෙනවාද?
 
 ක්‍ෂේත‍්‍රය ගැන කලකිරිලා මාස කිහිපයක් හිටියා. මොකද මගේ පළමු ටෙලි නාට්‍යයෙන් පස්සේ මට ඇතිවුණ ප‍්‍රශ්නයක් හින්දා. හැබැයි ඒ කලකිරීම් සියල්ල නැති වුණා මට පාර දිගේ ටෙලි නාට්‍ය හම්බ වුණාට පස්සේ. ඉතාම ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එක්ක මම වැඩ කරන්නේ. ඒ වගේ තැනකට වැටුණු එක ගැන මට ඇත්තටම සතුටුයි.
 
 * එතකොට නිත්‍යාට කැපිලි කෙටිලි ආවේ නවකයන්ගෙන්ද?
 
 දැන් මේ ක්‍ෂේත‍්‍රයේ හරි ඉක්මනට කටකතා කියන දේවල් පැතිරෙනවා. මිනිස්සු හරියට දෙයක් දන්නේ නැතිව තැන තැන දේවල් කියන්න ගියහම තමයි අපිට තියෙන අවස්ථාවත් නැති වෙන්නේ. ඒ වගේ දෙයක් තමයි මට වුණේ. හැමෝම මා ගැන දන්නේ නැහැ. මම ගැන නොදැන තැන තැන ගිහිල්ලා කියපු දේවල් හින්දා තමයි මට ඒ ප‍්‍රශ්නය ඇති වුණේ.
 
 * කටකතාවක් හින්දා ඔබට ගොඩක් අවස්ථා නොලැබී ගියා. එහෙමද?
 
 ඔව්. මට බොහොම වටිනා අවස්ථා ගිලිහිලා තියෙනවා. ඒ ගැන තමයි මම ගොඩක් කලකිරීමට පත්වුණේ. හැබැයි මම දැන් ඒ ගැන සතුටු වෙනවා. මොකද හැමදේම වෙන්නේ හොඳටයි කියලත් කතාවක් තියෙනවානේ. අපි හොඳ දෙයක් කරනවා නම් අපි හොඳින් ජීවත් වෙනවා නම් අපිට ඊළඟ අවස්ථාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. එහෙම අවස්ථාවක් තමයි පාර දිගේ කියන්නේ. වෙච්ච ප‍්‍රශ්න ගැනවත් හැදුන කතාවල් ගැනවත් මම කවදාවත් දුක්වෙන්නේ නැහැ.
 
 * ඔහොම කිව්වාට පුංචි හරි පසුතැවීමක් ඇති නේද?
 
 නැහැ. කිසිම පසුතැවීමක් නැහැ. මම කවුද කියන්න ක්‍ෂේත‍්‍රයේ අය ගොඩක් දන්නවා. මම හිතන්නේ මා ගැන හොඳ ප‍්‍රතිරූපයක් බොහෝ දෙනාගේ හිත්වල තියෙනවා. ඒක හින්දා කවුරු මොනවා කිව්වත් දැන් කෙහොමත් මම වට්ටන්න හම්බවෙන්නේ නැහැ.
 
 * පාර දිගේ ඔබේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කළාද?
 
 ඔව්. ජීවිතේ ලොකු වෙනසක් ඇති කළා. සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තිබුණු වෙලාවක පාර දිගේ තමයි හොඳ මිනිස්සුන්ට කවදාහරි හරි යනවා කියන දේ ඔප්පුු කරලා පෙන්නුවේ.
 
 * පුද්ගලික ජීවිතය ගෙවී යන්නේ කොහොමද?
 
 බොහොම හොඳින් බොහොම සැහැල්ලූවෙන් ගෙවිලා යනවා. මම කොහොමත් එහෙම ලොකු ෂෙඩුල් එකක් එක්ක ගෙවන කෙනෙක් නෙමෙයි. ඉතිං හරිම සැහැල්ලූවෙන් ජීවිතය ගෙවිලා යනවා.
 
 
 
 * දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment