කැබ්රිය යතුරුපැදියේ ගැටී තරුණයන් දෙදෙනා එතැනමයි

595

මඩකලපුව කාත්තන්කුඩි පොලිස් වසමට අයත් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පෙරේදා (13 දා) සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙක් එම ස්ථානයේදීම මියගිය බව කාත්තන්කුඩි පොලිසිය කියයි.

එකම යතුරුපැදියකින් ආරක්ෂක හිස්වැසුම් නොමැතිව ගමන් ගත් දෙදෙනකු මෙහිදී මියගිය අතර තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා මඩකලපු ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

කල්මුණේ සිට මඩකලපුව දෙසට ධාවනය වූ ටාටා වර්ගයේ කැබ්රියක යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදුවී ඇත. සිද්ධිය සම්බන්ධව මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුගතපාල මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී ජනක ජයරත්න මහතාගේ අධීක්‍ෂණයෙන් වැඩිදුර පරීක්‍ෂණ කාත්තන්කුඩිය පොලිසිය සිදු කරයි.

මෙම සිද්ධියේදී කාත්තන්කුඩි පොලිස් වසමට අයත් පුදුකුඩිඉරිප්පු 05 ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වේලු පාන්ටියන් නිරෝජන් යන අයකු සහ එම ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි සජිත් රන්ජුදන් යන තරුණයන් එම ස්ථානයේදීම මියගිය අතර සිද්ධිය සම්බන්ධ කැබ් රථය සමග කල්මුණේ පදිංචි එම රියැදුරාද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කාත්තන්කුඩිය – සිහාරා ලතීෆ් සහ මඩකලපුව – මොහොමඩ් ගවුස්

advertistmentadvertistment
advertistmentadvertistment