කැබිතිගොල්ලෑවේදී අතරමං වී දෙහිවලට ගෙනා ‘බන්දුල’ මියයයි

486

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ‘බන්දුල’ නමැති අලියා ඊයේ (23 වැනිදා) අලුයම මියගොස් ඇතැයි එම සත්වෝද්‍යානයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

අඩි 9 ක් උසැති ‘බන්දුල’ අලියා මියයන විට 79 වැනි වියේ පසුවිය.

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයත් සමග දෙපා අප්‍රාණිකව බිම ඇදවැටී තිබේ. එහිදී සත්වෝද්‍යානයේ පශු වෛiවරුන් අලියාට ප්‍රතිකාර කරමින් බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වුවත් එය අසාර්ථක විය.

1946 වර්ෂයේදී අනුරාධපුර කැබිතිගොල්ලෑවේ කැලෑවක අලි රංචුවෙන් අමරමං ව සිටි මෙම අලියා වනජීවී නිලධාරීන් විසින් අල්ලා දෙහිවල සතුන් වත්තට භාරදී තිබේ. එවිට මෙම අලියාට වයස අවුරුදු 3ක් බව එම ප්‍රකාශකයා කීය.

එවකට සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කර ඇත්තේ මේජර් ඕබ්‍රි වයමන් මහතාය. එදා ඒ මහතා අලියාව ආදරයෙන් භාරගෙන තිබේ.

අවුරුදු තුනක් වැනි කුඩා වයසේ සිට දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයන්ගේ ආදර රැකවරණයේ මත හැදුණු වැඩුණු ‘බන්දුල’ අලියා නරඹන්නන් අතරේද ජනප්‍රිය චරිතයක් බවට පත්වූයේය.

කුඩා දරුවන් ද ‘බන්දුල’ අලියාගේ හැසිරීම් රටාවන් නැරඹීමට ප්‍රියතාවයක් දැක්වූයේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්. පී. ආරියරත්න – රත්මලාන, ඥාණතිස්ස ජයවර්ධන බොරැලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment