කැබිතිගොල්ලෑවේ ගොවියෝ ගොවිතැනින් ඉවත් වෙලා – හල්මිල්ලෑවේ ධම්මතිලක හිමි

114

කාබනික පොහොර භාවිතයෙන් මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට බලධාරීන් ගත් තීරණය යහපත් වුවත් එය ක‍්‍රියාත්මක කිරීමේදී නිශ්චිත ක‍්‍රමවේදයක් නොතිබීම හේතුවෙන් අද වනවිට දිවයින පුරා ගොවී ජනතාවට අයහපතක් සිදු වී ඇති බව කැබිතිගොල්ලෑව බුද්ධ ශාසන ආරක්ෂණ බල මණ්ඩලයේ සභාපති විහාර හල්මිල්ලෑවේ ධම්මතිලක හිමියෝ පැවැසූහ.

මාස් කන්නයට පොහොර නොමැතිව කැබිතිගොල්ලෑව ගොවි ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලූ පිළිබඳ බලධාරීන් දැනුවත් කරමින් කැබිතිගොල්ලෑව නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ එසේ පවසා සිටියහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, ”අද වනවිට කැබිතිගොල්ලෑව ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයට අයත් ග‍්‍රාමසේවා වසම් 26 යේම ගොවීන්ගෙන් බහුතරයක් ම ගොවිතැනින් ඉවත් වී සිටිනවා. වී ගොවිතැනට අමතරව බඩඉරිඟු ගොවිතැන මේ ප‍්‍රදේශයේ ප‍්‍රධාන ගොවිතැනක් වුණා. ඒ පසුගිය වකවාණුවල. අද වනවිට පොහොර නොලැබීම හේතුවෙන් ගොවීන් වී වගාවෙන් විතරක් නොවේ. බඩඉරිඟු වගාවෙනුත් ඈත් වෙලා. ඒ විතරක් නොවේ කොමඩු, ගස්ලබු වගාවනුත් ගොවීන් අත හැරලා. කලට වෙලාවට වර්ෂාව ලැබෙනවිට පොහොර ලැබුණේ නෑ. පොහොර ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් වගා කළ වී ගොවිතැනත් දැන් අත්හරින්න සිදු වෙලා. මේවට පියවරින් පියවර ක‍්‍රියාත්මක කළ හැකි වැඩ පිළිවෙළක් තිබිය යුතුයි. බලධාරින් කාබනික පොහොර භාවිතයෙන් මෙරට කෘෂිකර්මානත්ය නඟාසිටුවීමට ගත් තීරණය යහපත් වුවත් එය ක‍්‍රියාත්මක කළ අයුරු වැරදියි. එම සිදුවීම හරියට ”පළමුවෙනි ලියැද්දෙන්ම වක්කඩ බැන්දා වගේ’’ වැඩක්. මේ යන තත්ත්වය අනුව වී වලට නැතත් අනිත් බෝගවලට හරි පොහොර ලැබීම අවශ්‍යයි. අද වනවිට මේ පොහොර ගැටලූවෙන් කැබිතිගොල්ලෑව ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ 30,000ට ආසන්න ගොවි පවුල් සංඛ්‍යාවක් දරිද්‍රතාවෙන් පෙළෙන ජන සමාජයට එක් වීමට නියමිතයි. එසේ වීමට ඉඩ නොදී මේ ගොවි පවුල් රැුක ගැනීම බලධාරින්ගේ වගකීමක් බව අපි කනගාටුවෙන් සිහිපත් කරනවා. අද සිටවත් වහාම මේ අයට අවශ්‍ය පොහොර ලබා දී මේ ගත් ජාතික ප‍්‍රතිපත්තිමය තීරණය කන්න තුන හතරක් යනවාත් සමග සියයට සියයක්ම ක‍්‍රියාත්මක කළොත් සාර්ථක වේවි කියා අපි විශ්වාස කරනවා.

මැදවච්චිය-ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment