කැබිනට් අමාත්‍යාංශ 5 ක රාජ්‍ය 4 ක විෂය පථ වෙනස් කරයි – ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

362

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් අමාත්‍යාංශ 05ක සහ රාජ්‍ය අමාත්‍යාංශ 04 ක විෂය පථයන් සංශෝධනය කරමින් ඉකුත් 09 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනයට අනුව ආර්ථික ප‍්‍රතිපත්ති හා සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ අමාත්‍යාංශය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය යන කැබිනට් අමාත්‍යාංශ

05 හි සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, පළාත් පාලන හා පළාත් සභා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ විවෘත විශ්වවිiාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ගුවන් සේවා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යන රාජ්‍ය අමාත්‍යාංශ 04 හි මෙලෙස විෂය පථයන්හි ආයතනික හා නෛතික රාමුව සංශෝධනයට ලක්කර ඇත.

ඒ අනුව ආර්ථික ප‍්‍රතිපත්ති හා සැලසුම් කි‍්‍රයාත්මක කිරීත්‍ම් අමාත්‍යාංශය යටතේ තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදල, බුද්ධ ශාසන අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල පනත බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතට ඇතුළත් කර ඇත.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ඉවත් කර ඒ යටතේ තිබූ සියලූම ආයතන සහ සුවිශේෂී කාර්යයන් අධිකරණ අමාත්‍යාංශය යටතට ඇතුළත් කර ඇත. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ විවෘත විශ්වවිiාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනත (1991 අංක 19* අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ඇතුළත් කර ඇත.

ගුවන් සේවා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සුවිශේෂී ප‍්‍රමුඛතා යටතේ ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය කටයුතු අධීක්‍ෂණය ඇතුළත් කර ඇත.

කර්මාන්ත අමාත්‍යාංශයේ ආයතනික හා නෛතික රාමුව යටතේ ශී‍්‍ර ලංකා අලෙවිකරණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත 1980 අංක 41 ඇතුළත් කර ඇත.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ශීර්ෂය යටතේ තිබූ පළාත් පාලන ආයතන ඡුන්ද විමසීමේ අදාළ පනත සහ පළාත් සභා ඡුන්ද විමසීමේ පනත රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතට ඇතුළත් කර ඇත.

උපාලි ද සේරම්

 

advertistmentadvertistment
advertistmentadvertistment