කැබිනට් ඇමැතිවරුන්ගේ අගෝස්තු වැටුප කොවිඩ් අරමුදලට

540

සියලූම කැබිනට් ඇමැතිවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඞ් අරමුදල සදහා පරිත්‍යාග කිරීමට ඊයේ (23 වැනිදා) රැස්වූ ඇමැති මණ්ඩල රැස්වීමේදී සාමූහිකව තීරණය කර තිබේ.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව කැබිනට් අනුමැතිය ලබා දෙමින් සියලූම ඇමැතිවරුන් මෙම සාමූහික තීරණය ගෙන ඇත.

කොරෝනා වසංගතය හමුවේ ඇතිවන තත්ත්වයන්ට අවශ්‍ය කටයුතු කිරීම ස`දහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ යෝජනාවකට අනුව මෙම කොවිඞ් අරමුදල ආරම්භ කෙරිණි.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment