කැබිනට් පෙරළියක්! විමල් – ගම්මන්පිල දොට්ට

472

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (03 දා) සවස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරුන් සිය කැබිනට් ඇමැති ධුරවලින් ඉවත් කළ බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 47 (11) (ආ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ඉවත් කිරීම සිදුකර ඇත.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 47 (11) (ආ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ඉවත් කිරීම සිදුකර ඇත.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් කැබිනට් ඇමැති ධුරවලින් ඉවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (03 දා) නව කැබිනට් සංශෝධනයක් සිදුකරන ලදී.

ඒ අනුව විමල් වීරවංශ මහතා දැරූ කර්මාන්ත ඇමැති ධුරයේ එස්. බී. දිසානායක මහතාත්, උදය ගම්මන්පිල මහතා දැරූ බලශක්ති ඇමැති ධුරයේ ගාමිණී ලොකුගේ මහතාත් ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.

මෙම නව කැබිනට් සංශෝධනයට අනුව ප‍්‍රවාහන ඇමැති ධුරය දැරූ පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විදුලිබල ඇමැති ධුරයේ දිවුරුම් දුන්නාය.

වාසුගේ තීරණය අද

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ කැබිනට් ඇමැති ධුර ඉවත් කිරීමත් සමග ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්‍ෂවල ස්ථාවරය සම්බන්ධයෙන් ප‍්‍රකාශ කිරීමට විශේෂ මාධ්‍ය හමුවක් අද (04 දා) පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර ඇතැයි රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතා ඊයේ (03 දා) පැවසීය. මේ අතර ජලසම්පාදන ඇමැති ධුරයෙන් වාසුදේව නානායක්කාර මහතා ඉවත් වන්නේද නැද්ද යන තීරණය ද නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ විසින් අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
උපාලි ද සේරම්,අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment