කැබිනට් රැස්වීම අදට කල්යයි

98

කිරිපිටි, ගෑස්, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැුසක මිල සංශෝධනය සම්බන්ධව සහ සහල් මිල පාලනය සම්බන්ධ තීරණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04 දා) පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැුස්වීම අද (05 දා) සවස 5.30 දක්වා කල් දමා ඇත.

ජනාධිපතිවරයා සිය ඇමෙරිකානු නිල සංචාරය නිමකර යළි දිවයිනට පැමිණියේ ඊයේ (04 දා* උදෑසන බැවින් සහ එසේ පැමිණීමෙන් පසු යුරෝපා සංගමයේ නියෝජිතයන් හමුවීමද ඊයේ සිදුවූ බැවින් කැබිනට් රැුස්වීම අද දක්වා කල්දැමීමට තීරණය කළ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

උපාලි ද සේරම්, අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment