කැබිනට් සංශෝධනයක් ගැන ජනපති හිතලා නැහැ

393

කැබිනට් අමාත්‍ය ධුර සංශෝධනයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙතෙක් අවධානය යොමුකර නැතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවැසීය.

හෙට (10 දා) කැබිනට් සංශෝධනයක් සිදුවන බවට පළවන තොරතුරු සම්බන්ධව කළ විමසුමේදී එම ප‍්‍රකාශකයා මේ බැව් සඳහන් කළේය. එසේ කැබිනට් සංශෝධනයක් සිදු වෙනවා නම් මේ වන විට ඊට අදාළ සූදානම් වීමක් තිබිය යුතු බවත් නමුත් මේ දක්වා එවැනි සූදානමක් නැති බවත් හෙතෙම කීවේය. මේ අතර රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසුවේ කැබිනට් සංශෝධනයක් සිදුවේ නම් එය ඉතා සුළු සංශෝධනයක් බවත් ඉන් දැනට කැබිනට් අමාත්‍ය ධුර හිමි අයගේ අමාත්‍ය ධුර වෙනසක් සිදුවීමක් නොවනු ඇති බවත් ය.

උපාලි ද සේරම් සහ අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment