කැබිනට් හමුවේදී ගන්නා සාමූහික තීරණ එළියට පැමිණ වෙනස් කිරීම පහත් ක‍්‍රියාවක් – පො.පෙ. ලේකම් සාගර කාරියවසම්

493

සන්ධාන රජයක කැබිනට් ඇමැති ධුර දරමින්, විවිධ වරප‍්‍රසාද ලබමින් ජනතාව ඉදිරියේ බොරු වීරයන් වීමට කවුරුන් හෝ උත්සාහ දරනවා නම් ඔවුන්ට විරුද්ධව දැඩි තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී ඊයේ (23දා) පැවති මාධ්‍ය හමුවේදී ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

පසුගිය සතියේ පැවති කැබිනට් රැුස්වීමේදී රට වැසීමක් සිදුනොකළ යුතු බවට ඒකමතික තීරණයක් ගෙන එළියට පැමිණි වහාම රට වසාදමන්නැයි ඉල්ලා රජයට ලිපියක් භාරදීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත්, මේවා කුමන ආකාරයකින් වෙනවාද, කුමන්ත‍්‍රණයක් සිදු වෙනවාද යන්න විශේෂයෙන් සොයා බැලිය යුතු බවත්, මෙවැනි දෑ සිදුවන පළමු අවස්ථාව මෙය නොවන අතර මෙවැනි සිදුවීම් ඉදිරියට ඇතිවීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

මෙය රජය අපහසුතාවට පත් කරන වැරදි ක‍්‍රියාවක් බවත් සන්ධානගත රජයක සිටින පක්ෂ මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතු බවත්, සාකච්ඡුා කර සාමුහික තීරණයක් නොගෙන ලිපියක් ලියා ජනාධිපතිවරයා අතට පත්කිරීමට පෙර මාධ්‍යයට නිකුත් කිරීම පහත් ක‍්‍රියාවක් ලෙස දකින බවත් පැවසූ පක්ෂ ලේකම්වරයා, මෙවැනි තත්ත්වයක් ඇතිවීම රටේ යහපැවැත්මට සහ ආර්ථිකයට අහිතකර බවත් පැවසීය.

මෙහිදී කතා කළ විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මහතා, පොදු ප‍්‍රශ්නයක් පිළිබඳව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡුා කොට එකඟතාවකට පැමිණ පසුව එළියේදී වෙනත් දෙයක් සිදුකිරීම ගැටලූවක් බවද, ඉන් රටට යන්නේ වෙනත් අදහසක් නිසා එසේ නොකරන ලෙස ඉල්ලා සිටින බව ද කීය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment