කැබිලිත්තේ විනාශයට බලවත්තු රෑනක්!

943

වත්තේගම කැබිලිත්ත කොටියාගල වන රක්ෂිත ප්‍රදේශයේ මේ මොහොතේ සිදුවෙමින් පවතින මහා පරිමාණ වනාන්තර විනාශය හා රජයේ ඉඩම් බලෙන් අත්පත් කරගැනීම පිටුපස හිටපු ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු, ඉහළ පොලිස් නිලධාරියකු, චීවරධාරියකු ඇතුළු ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සිටින බව ‘දිවයින’ට වාර්තා වේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පිහිටි මෙම රක්ෂිත වනාන්තර ඉඩම් විනාශය වාර්තා වන අන්දමට විල්පත්තු උතුරු වනාන්තරවලට සිදුකරන ලද හානියටත් වඩා 20 ගුණයකටත් වැඩි විනාශයකි.

ප්‍රදේශයේ ඉඩම් අහිමි පුද්ගලයන් සඳහා වත්මන් ආණ්ඩුව මගින් මෙම වනාන්තර ඉඩම්වලින් අක්කර 25,000 ක් නිදහස් කර දී තිබියදීත් මෙසේ ඉතිරි රක්ෂිත ප්‍රදේශය ඩෝසර් දමා වැනසීම පිටුපස ප්‍රදේශය නියෝජනය කරන ප්‍රබල දේශපාලන චරිත රැසක් ද සිටින බව පරිසරවේදීහු පවසති.

වියළි කලාපීය වනාන්තර අයත් දිවයිනේ වටිනාම වනාන්තර කලාපයක් වන මෙම කැබිලිත්ත වන රක්‍ෂිතයේ විනාශයට ලක්වෙමින් පවතින වනාන්තර, කුමන, යාල ජාතික වනෝද්‍යාන හා සම්බන්ධව පවතින වන සංකීර්ණයක් වන අතර වන සතුන් රැසකගේ වාසස්ථානයක් වේ.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment