කැබිලිත්ත ඉඩම් බලෙන් අල්ලලා

264

වගාවට යැයි කියමින් කැබිලිත්ත වනාන්තරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට මොණරාගල ඇතැම් පුද්ගලයින් ඊයේ සහ අද (31,01) දින තුළ උත්සාහ දරමින් සිටින බවට වන සංරක්ෂණ අමාත්‍යාංශයට වාර්තා වී ඇත.

ඒ අනුව අද දින පෙරවරුවේ කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාවක් බත්තරමුල්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේදී පවත්වා තිබේ.

එහිදී අමාත්‍යවරයා කැබිලිත්ත වනාන්තරයේ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ කරුණු විමසනු ලැබීයග වගාව සඳහා කැබිලිත්ත වනයෙන් පිටත අක්කර 25,000ක ඉඩම් ප්‍රමාණයක් ලබාදී ඇතත්ල එම පුද්ගලයින් ඒවායෙහි වගා නොකර රක්ෂිත ඉඩම් අත්පත් කර ගැනීමට උත්සාහ දරන බව නිලධාරිහු පෙන්වා දී ඇත.

අද පෙරවරුවේ වනජීවි නිලධාරීන් පිරිසක් විශේෂ කාර්ය බලකාය සමඟ කැබිලිත්ත වනාන්තරයට ඇතුල් වූවත්, ඇතැම් පිරිස් ඔවුන්ට බාධා කරන බව වාර්තා වූ නිසා අමාත්‍යවරයා මොණරාගල නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුරකථනයෙන් කතා කරල පවතින තත්ත්වය විමසනු ලැබ තිබේ.

ඒ අනුව වගා කිරීමට ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇතත්ල ඊට සුදුසු ඉඩම් තිබියදී රක්ෂිතයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට යම් පිරිසක් කටයුතු කරන්නේ නම්ල වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

එමෙන්ම මහ කන්නයේ බඩඉරිඟු ඇතුළු වගාවන් ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ඔක්තෝම්බර් මාසයේ සිට බැවින්ල ඉන් පෙරල වගාව සඳහා අවශ්‍ය ඉඩම් නොමැති පුද්ගලයින් හඳුනාගැනීමට සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පවත්වා පියවර ගන්නා තෙක්ල කැබිලිත්ත රක්ෂිත වනාන්තරයේ ඉඩම් කිසිදු පුද්ගලයෙකුට හෝ ජාවාරම්කරුවන්ට අත්පත් කර ගැනීමට ඉඩ නොතබන ලෙස අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment